මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රමවත්ව ව්‍යයාමය ආයු අපේක්ෂාව වැඩි කරයි

    මැයි 16, 2015

    මහලු වයසේ දී විධිමත්ව හා ක්‍රමවත්ව ව්‍යයාම කිරීම දීර්ඝ ආයු අපේක්ෂාවට ප්‍රබල බලපෑමක් සිදු කරන බව එක්සත් රාජධානියේ පර්යේෂකයන් පිරිසක් පවසයි.

    නෝර්වේ වැඩිහිටි පිරිමින් 5,700ක් යොදා ගෙන සිදු කරන ලද විශ්ලේෂණයකින් හෙළිදරව් වී ඇත්තේ සතියකට පැය තුනක් පමණ ව්‍යායාමයේ යෙදීම ව්‍යායාම නොකරන්නන්ට වඩා තවදුරටත් පස් වසරක් පමණ ආයු වැළඳිය හැකි බවයි.

     

    වයස අවුරුදු 65 දී සතියකට මධ්‍යස්ථ ව්‍යායාම විනාඩි 150ක් සිදු කිරීම සුදුසු යැයි එක්සත් රාජධානියේ නිල උපදෙස් අනුව නිර්දේශ කර ඇත.

     

    එක්සත් රාජධානියේ හෘද පදනම (British Heart Foundation) විසින් ජනතාව ඉතා ම සුළු වශයෙන් ව්‍යායමවල නිරත වීම පිළිබඳව අනතුරු අඟවා වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම අධ්යයනය සිදු කර ඇත.

     

    කුමන වයසක පුද්ගලයෙකු වුවද විධිමත් ශාරීරික ක්‍රියාකාරකම් කිරීම හෘද නිරෝගීතාව හා යහපත් සෞඛ්‍ය සඳහා ප්‍රයෝජනවත් වන අතර දීර්ඝ ආයුෂ ලබා ගැනීම සඳහා ද ඉවහල් වන බව ජුලී වෝඩ් පිං එම අනතුරු ඇඟවීම් වාර්තාවේ පෙන්වා දී තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya