මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්.වී. ජයවීර බොක්සිං කුසලානය රත්නපුර සීවලී විදුහලට

    මැයි 18, 2015

    එල්.වී. ජයවීර අනුස්මරණ කුසලාන අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ 42 වැනි පියවර පසුගියදා කොළඹ මහානාම විද්‍යාලයීය රඟහල පරිශ්‍රයේදී නිමාවට පත්වන විට රන් 3ක්, රිදී හා ලෝකඩ පදක්කම් 2 බැගින් වශයෙන් පදක්කම් 7ක් දිනාගත් රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය එල්.වී. ජයවීර අනුස්මරණ කුසලාන දිනාගැනීමට සමත්ව සිටියේය.

     

    හතළිහකට වැඩි පාසල් සංඛ්‍යාවක් නියෝජනය කරමින් 400 ඉක්මවූ තරගකරුවන් පිරිසකගේ සහභාගිත්වය ඇතිව දින 5ක් තිස්සේ පැවැති මෙම තරගාවලියෙන් 17-18 වයස් කාණ්ඩයේ කිලෝග්‍රෑම් 56-60 බර පන්තියේ තරගයට සහභාගි වූ මිහාන් ප්‍රනාන්දු රත්නපුර සීවලී මැදි විදුහලේ එච්.පී.පී. කල්පගේ වට 2-1ක් ලෙස පරාජය කොට බොක්සිං වළල්ලෙන් මහානාමය දිනාගත් පළමු රන් පදක්කමේ හිමිකරුවා බවට පත්විණි. ඒ හැරුණු විට ඔහු තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද දිනාගත් අතර ඔහු සමඟ තරග කළ කල්පගේ දක්‍ෂතම පරාජිතයා ලෙස තෝරාගනු ලැබීය.

     

    මෙවර තරගාවලියේ තවත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක්කේ උතුරු පළාත නියෝජනය කරමින් තරග වැදුණු ක්‍රීඩකයන් දෙදෙනකුද රන් පදක්කම් දිනාගැනීමට සමත් වීමය.

     

    උතුරට රන් පදක්කම් රැගෙන යෑමේ ගෞරවය අවුරුදු 17-18 වයස් කාණ්ඩයේ කිලෝග්‍රෑම් 49-52 බර පන්තියේ අවසන් තරගය ජයගත් යාපනය හාට්ලි විදුහලේ එස්. ජීවන්ත්ට හා අවුරුදු 17-18 වයස් කාණ්ඩයේ කිලෝග්‍රෑම් 60-64 බර පන්තියේ අවසන් තරගය ජයගත් පුදුකුඩිඉරිප්පු මැදි විදුහලේ ජේ. ජෙන්සන්ට හිමිවිය.

     

    ජීවන්ත් අතින් මෙන්ම ජෙන්සන් අතින්ද පරාජයට පත්ව තිබුණේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ක්‍රීඩකයන් වන ඒ.ඩී.ඒ. සඳරුවන් හා පී.එන්.ඩී. සුලක්‍ෂණ වීමද කැපීපෙනිණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya