මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයටත් භූ කම්පනයක් - ප්‍රබලත්වය 6.8ක්

    මැයි 13, 2015

    රික්ටර් මාපකයේ ඒකක 6.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් අද (13) ජපානයේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් පිහිටි හොන්ෂු දිවයිනට සමීපව හටගෙන ඇතැයි එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ (USGS) වාර්තා කර ඇතැයි ඒබීසී පුවත් සේවය වාර්තා කරයි. බලධාරීන් විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර ක්ෂණික හානි කිසිවක් වාර්තා වී නැතැයි ද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇත.

     

    එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ අනුව, මෙම භූකම්පනය ජපානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් Honshu දිවයිනට සමීපව පැසිෆික් සාගරයේ කිලෝමීටර 38.9ක් පමණ ගැඹුරින් හටගෙන ඇත.

     

    ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කළේ කිසිඳු සුනාමි අවදානම් තත්වයක් නැති බවයි.

     

    2011 මාර්තු 11 වන දා භූකම්පාව හා උදම්රළ (සුනාමි) නිසා ජපානයේ මියගොස් හෝ අතුරුදහන් ව ඇති ගණන 27600කි. එවර ඩොලර් බිලියන 294ක් පමණ දේපොළ විනාශයක් සිදු විය.

     

    ඊයේ (12) දිනයේ නේපාලයේ ද රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් හටගත් අතර එහි බලපෑමෙන් අවම වශයෙන් නේපාලයේ 65දෙනකුත් ඉන්දියාවේ 17දෙනෙකුත් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya