මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොනිදන නේපාලයේ පසුකම්පන 200කට අධික සංඛ්‍යාවක්

    මැයි 14, 2015

    පසුගිය අඟහරුවාදා (12) නේපාලයේ ඇති වූ රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවෙන් පසු මේ වන විට පසු කම්පන 36ක් හටගෙන ඇත. අප්‍රේල් 25 වෙනිදා නේපාලයේ ඇති වූ රික්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් පසු මේ දක්වා ඒකක 4කට වැඩි පසු කම්පන 200කට අධික සංඛ්‍යාවක් ඇතිවී ඇත.

     

    පසු වූ දින 18 පුරා සෑම පැය දෙකකට පසුකම්පන එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ද දිනකට පසුකම්පන 13කට අධික සංඛ්‍යාවක් ලෙස පැහැදිලිව දැනෙන පසුකම්පන 238ක්ද ඇති වී ඇත.

     

    අප්‍රේල් 25වන දින නේපාලය බැට කෑ භූම්කම්පාවෙන් 8,000 කට අධික පිරිසක් ජීවතක්ෂයට පත්වූ අතර මිලියන ගණනක දේපල හානි සිදුවිය. මෙම විපතින් දිවිගලවා ගත් පුද්ගලයන් අධික මානසික කම්පනයකට පත්ව සිටින බවත් වරින්වර හටගන්නා පසුකම්පන හේතුවෙන් ඔවුන්ට නිදාගැනීමටවත් නොහැකි මානසික පසුබෑමකට ලක්ව ඇතැයි නේපාල මාධ්‍ය ප්‍රකාශ කර ඇත.

     

    නේපාලයේ පසුගියදා (12) හටගත් භූමි කම්පාවෙන් අවම වශයෙන් 65දෙනකු නේපාලයේ මිය ගොස් ඇති අතර මෙම විපතින් තුවාල ලත් පුද්ගලයන් සංඛ්‍යාව දැන් 1,926ක් පමණ බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කර තිබිණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya