මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලයට තවත් ප්‍රබල භූමිකම්පාවක්

    මැයි 12, 2015

    නේපාලයේ 8,000 කට අධික පිරිසක් ජීවතක්ෂයට පත් කළ විනාශකාරී භූමිකම්පාවෙන් සති දෙකකට පසුව නැවතත් අද (12)  නැගෙනහිර නේපාලයේ රික්ටර් මාපකයේ ඒකක 7.3ක භූමිකම්පාවක් හට ගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

    මෙම භූමිකම්පාව එවරස්ට් කන්ද අසල පිහිටි Namche Bazar නගරය ආසන්නයේ හට ගෙන ඇත. අප්‍රේල් 25 වෙනිදා නේපාලයේ අගනුවර කත්මන්ඩු හි ඇති වූ භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 7.8ක් විය.

     

    ඉන්දියාවේ අගනුවර දිල්ලිය හා බංග්ලාදේශ අගනුවර ඩකා යන නගරවලට මෙම භූමිකම්පාව බලපෑම් එල්ල කර ඇතැයි වාර්තා වේ.

     

    නවතම භූමිකම්පාවේ මධ්‍යය ලක්ෂ්‍යය කත්මණ්ඩු වල සිට කිලෝමීටර් 83ක් පමණ නැගෙනහිර දෙසට වන්නට චීන දේශ සීමා අසල ග්‍රාමීය ප්‍රදේශයක සටහන් වී ඇත. එය එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ අනුව, කිලෝමීටර් 18.5ක ගැඹුරකින් සිදු වී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya