මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොස්ඇන්ජලීස් දෙදින පිංකම 15 සහ 16

    මැයි 12, 2015

    ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර බෞද්ධ විහාරයේ නව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල නිරාවරණය කිරීම හා විහාර මන්දිරය විවෘත කිරීම නිමිත්තෙන් දෙදින පිංකම එළඹෙන සිකුරාදා (15) ආරම්භ කිරීමට නියමිතය.

    නව චෛත්‍යයේ නිධන් කිරීම සඳහා වන සර්වඥ ධාතු කරඬුව මෛත්‍රීපාල සිරිසේන ජනපති, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කොට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියනට පසුගිය දා පිරිනැමීය.

     

    කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ද, පැලවත්තේ පුඤ්ඤරතන හිමියෝ ද, දායක සභාවේ චන්ද්‍රසිරි පෙරේරා මහතා ද මේ අවස්ථාවට සහභාගී වූහ.

     

    ලොස්ඇන්ජලීස් නුවර පදිංචි පී ඇම් සරත්චන්ද්‍ර හා කුමාරි සරත්චන්ද්‍රගේ අනුග්‍රහයෙන් ලොස් ඇන්ජලීස් පන්සල 1992 දී ඇරැඹිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya