මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයලලිතා ජයරාම් දූෂණ චෝදනාවලින් නිදොස් කෙරේ

    මැයි 11, 2015

    අක්‍රමිකව වත්කම් ඉපැයීමට චෝදනා ලැබ සිව්වසරක සිරදඬුවමක් නියමව යළි ඇප මත නිදහස් වූ තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් අද (08) කර්ණාටක මහාධිකරණය විසින් අධිකරණ නඩු තීන්දුවක් මඟින් සියලු චෝදනාවලින් නිදහස් කර ඇත.

    ඇයට යළි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ලෙස කටයුතු කිරීමට හැකි වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

     

    1991 දී ඇය මුල් වරට ප්‍රධාන ඇමති ධූරයට පත්වූ සමයේ ඉන්දීය රුපියල් කෝටි 3ක්ව පැවති ඇගේ වත්කම් වසර 5ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 66ක් දක්වා ඉහළ යාම මුල්කර ගනිමින් ඉන්දීය ජනතා පක්ෂය ජයලලිතා ජයරාම්ට එරෙහිව නඩු පවරනු ලැබීය.

     

    වසර 18 ක් පුරා විභාග වූ නඩුවෙන් අයථා ලෙස වත්කම් එක්රැස් කිරීමේ චෝදනාව මත තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඇතුළු සිව් දෙනෙකු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වසර 4 ක සිර දඬුවම් නියම කෙරිණි.

     

    SDF

     

    එහිදී ජයලලිතාට කෝටි 100ක දඩයක් හා ශෂිකලා නැමැති ඇයගේ මිතුරියකට, සුදාකරන් නැමැති පුතාටත්, ඉලවරසි නැමැති ඥාතිවරියකටත් ඉන්දීය රුපියල් කෝටි 10 බැගින් දඩ නියම විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya