මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලයිබීරියාව එබෝලා වෛරසයෙන් නිදහස්

    මැයි 11, 2015

    ලයිබීරියාව එබෝලා වයිරසයෙන් නිදහස් රටක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත. මෙම තීරණය පිළිබඳව පසුගිය සෙනසුරාදා එකසත් ජාතීන්ගේ මහජන සෞඛ්‍ය ඒජන්සිය ‍පවසා සිටියේ දින 42ක් තුළ දී ලයිබීරියාවේ ඉබෝලා වෛරසය ශරීරගත වූ පුද්ගලයන් කිසිවකු වාර්තා නොවීම හේතුවෙන් එම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බවයි.

     

    එබෝලා වෛරසය පළමු වරට වාර්තා වූ 1976 වසරේ සිට එබෝලා වෛරසය නිසා අධික ලෙස පීඩාවට පත් බටහිර අප්‍රිකානු රටවල් තුනෙන් එකක් ලෙස ලයිබීරියාව හැඳින්විය හැක. එබෝලා වෛරසය ශරිරගත වීමෙන් ලයිබීරියාව, ගිනියා සහ සියරා ලියොන් රාජ්‍යයන්හි 11,000ට වැඩි පිරිසක් මියගිය අතර ලයිබීරියාවෙන් මියගිය සංඛ්‍යාව 4700කි. ඒ අනුව වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ලයිබීරියාවෙනි. ලයිබීරියාවේ අවසන් එබෝලා මරණය වාර්තාවූයේ මාර්තු 27 වෙනි දිනයේය. ලයිබීරියාව මෙසේ නිදහස් වුවද තවමත් මෙම වෛරසය පැතිරීම බටහිර අප්‍රිකාව තුළ අවසන් වී නැත.


    ලයිබීරියානු ජනාධිපති එලන් සර්ලිෆ් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ එබෝලා නැමැති තමන් නොදන්නා භයානක සතුරා පරාජය කිරීම හේතුවෙන් ලයිබීරියා ජනතාව ප්‍රීතිමත් ජාතියක් බවට පත්වී ඇති බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya