මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූමිකම්පාවෙන් මිය ගිය ගණන 10,000කට අධික විය හැක - අගමැති ශූෂිල්

    අප්‍රේල් 29, 2015

    නේපාල භූමිකම්පාව නිසා සිදුවූ මරණ ප්‍රමාණය 10,000 දක්‌වා ඉහළ යා හැකි බව එරට අගමැති ශූෂිල් කොයිරාල (Sushil Koirala) සඳහන් කර ඇත.

    “නේපාලයේ ඇති වූ දරුණු භූමිකම්පාවෙන් 4,800කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත. 9,200කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. මිලයන 08ක් විපතට පත්ව ඇත. අවතැන් වූ මිලියනයක් පමණ ළමුන් ට සහය අවශ්‍යයි.“ යැයි සීඑන්එන් පුවත් සේවය අද උදෑසන (29) වාර්තා කර ඇත.

     

    මේ වන විට ජාත්‍යන්තර වශයෙන් සහන සේවා, ආහාරපාන, ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ නේපාලය වෙත ලැබෙමින් පවතින නමුත් එය ප්‍රමාණවත් නොවන බව ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටියේය.

     

    භූමි කම්පාවෙන් විපතට පත්ව නිවාස අහිමිව සිටින ජනතාව සුළි කුණාටු හා වර්ෂාවෙන් ද පීඩා විදිමින් සිටියි. ඉදිරි දිනවලදී ද මෙම ප්‍රදේශවලට අයහපත් කාලගුණ තත්වයක් පැවතිය හැකි බවට කාලගුණ නිවේදනයන්ද නිකුත් කර ඇත.

     

    කත්මන්ඩු නුවර හා ඒ අවට ජීවත් වන දහස් ගණනක ජනතාව එළිමහනේ හතරවන දිනටත් විවෘත පරිශ්‍රයන්හි රාත්‍රිය ගත කරමින් සිටිති. ආහාරපාන, පානීය ජලය සහ විදුලි බලය ප්‍රමාණවත් තරම් නොමැතිබැවින් ද අවට පරිසරය අපිරිසිදු වීම හේතුවෙන් ද රෝග ආදිය වේගයෙන් පැතිරීමේ අවධානම ද ඉහළ යමින් පවතියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya