මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණය මධ්‍යයේ නේපාල වැසියන් 300කට ශ්‍රී ලංකා සහන කණ්ඩායමෙන් ප්‍රතිකාර

    අප්‍රේල් 29, 2015
    නේපාලයේ සිදු වූ භූමි කම්පාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ උපදෙස් මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අධීක්ෂණයෙන් යුද හමුදා සාමාජිකයන් 44 දෙනෙකු සහ  සිවිල් වෛද්‍ය උපදේශකයන් හතර දෙනෙකුගෙන් සමන්විත වූ පළමු සහන කණ්ඩායම ඉරිදා (26) උදෑසන දිවයිනෙන් පිටත් වූ අතර, එම සහන කණ්ඩායම නේපාලයට පැමිණීමෙන් විනාඩි 45 ක් තුළ කත්මන්ඩු අගනුවර සිට  කිලෝ මීටර් 60 ක් දුරින් පිහිටි  භූමි කම්පාවෙන් දැඩි ලෙස හානියට පත් වූ ඩොලල් ගාඩ් ප්‍රදේශයේ ස්ථානගත වී විපතට පත් වූ ජනතාවට සහන සලස්වමින් සිටිති.
     
    මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස්ගේ ප්‍රධානත්වයෙන් යුතු සහන කණ්ඩායම නේපාල බලධාරීන්ගේ උපදෙස් මත ඩොලල් ගාඩ් ප්‍රදේශයේ ස්ථානගත වී ඇති අතර, ඊයේ (28)  දහවල් වන විට භූමි කම්පාවෙන් තුවාල ලැබූ  300 දෙනෙකුට ප්‍රතිකාර කර ඇති අතර,  එම පිරිස  අතර  පැය ගනණක් සුන් බුන් අතර සිර වී සිටි කාන්තාවක් ද සිට ඇත.
     
    කොදු නාරටිය බිදී තිබූ එම කාන්තාව මුදා ගැනීම සඳහා සහන කණ්ඩායමට කිලෝ මීටර් 12ක දුරක් ගමන් කිරීමට සිදු වූ අතර ඇයව මුදා ගෙන කත්මණ්ඩු රජයේ රෝහල වෙත පසුගිය 27දා සන්ධ්‍යාවේ කඩිනමින් පිටත් කරවන ලදී. 
     
    නේපාලයේ සිටින ශ්‍රී ලංකා යුද හමුදා සහන කණ්ඩායම සමඟ නිරන්තර සම්බන්දතාවයක් අති කර ගත් යුද හමුදාපතිතුමා විපතට පත් වූවන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ  ඔවුන් කඩිනමින් රෝහල් කරා පිටත් කරවීම සඳහා  සහන කණ්ඩායමේ පුද්ගලික වියදමින්  එම ප්‍රදේශයේ පුද්ගලික වාහන කුලියට ගැනීමට අවසර ලබා දී ඇත.
     
    යුද හමුදා සහන කණ්ඩායම  මේ වන විට  පුද්ගලික වාහන කුලියට ගෙන  විපතට පත් වූවන් දෙවතාවක්  රෝහල් කරා  රැගෙන ගොස් ඇති අතර, ප්‍රදේශයේ ඇති වාහන හිඟතාවය, වාහන හිමියන් තම වාහන ලබා දීමට ඇති අකමැත්ත සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් භූමි කම්පාවෙන් හානියට පත් සමහර ප්‍රදේශවලට ගමන් කිරීමේ ඇති අපහසුව මීට බලපා ඇති බව සහන කණ්ඩායම් ප්‍රධානී මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස්  ප්‍රකාශ කර සිටියි.
     
    සහන කණ්ඩායමේ සිටින ඉංජිනේරු භටයන් විසින් විපතට පත් වූ ජනතාව සඳහා තාවකාලික  කූඩාරම් ඉදිකර ඇති අතර, ප්‍රදේශයේ පවතින පානීය ජල හිඟයට විසදුමක් ලෙස  ප්‍රදේශයේ ජල නල පද්ධති පිළිසකර කිරීමට ක්‍රියාකර ඇත.
     
    කඳුකර ප්‍රදේශයක  ගංඟාවක  අසල   ස්ථානගතව සිටින ශ්‍රී ලංකා යුද හමුදා සහන කණ්ඩායම  අයහපත් කාළගුණය මධ්‍යයේ වුවද  විපතට පත් වූ  ළමුන්ට හා වැඩිහිටියන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා සහන කණ්ඩායම රැදී සිටින කූඩාරම් ලබා දීමට   ක්‍රියා කර ඇත. 
     
    මෙම සහන කණ්ඩායමේ දෙවන අණ දෙන නිලධාරී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ජගත් ගුණවර්ධන ක්‍රියා කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya