මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලයේ භූමිකම්පාවෙන් මිලියන 8කට අධික පිරිසක් විපතට

    අප්‍රේල් 28, 2015

    පසුගිය දා නේපාලයේ සිදු වූ දරුණු භූමිකම්පාව නිසා මිලියන 08කට අධික පිරිසක් විපතට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එහි සිටින විපතට පත් මිලියන 1.4ක පමණ ජනතාවට අවශ්‍ය ආහාරපාන ආදිය ලබා දීමට ද නේපාල රජයට සිදුව ඇත. මේ වන විට ජාත්‍යන්තර වශයෙන් සහන සේවා, ආහාරපාන, ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ නේපාලය වෙත ලැබෙමින් පවතින නමුත් එය ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටියි.

     

    නේපාල රජයේ නිල ගණනය අනුව අද (28) උදෑසන වනවිට මෙම ආපදාවෙන් මිය ගිය සංඛ්‍යාව 4,310 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 8,000 ඉක්මවා ගොස් ඇත.

     

    එසේම කත්මන්ඩු නුවර හා ඒ අවට ජීවත් වන දහස් ගණනක ජනතාව එළිමහනේ තුන්වන දිනටත් විවෘත පරිශ්‍රයන්හි රාත්‍රිය ගත කරමින් සිටිති. ආහාරපාන, පානීය ජලය සහ විදුලි බලය ප්‍රමාණවත් තරම් නොමැතිබැවින් ද අවට පරිසරය අපිරිසිදු වීම හේතුවෙන් ද රෝග ආදිය වේගයෙන් පැතිරීමේ අවධානම ද ඉහළ යමින් පවතියි.

     

    මේ අනුව නේපාලයේ දිස්ත්‍රික්ක 39ක පුදගලයන් මිලියන 8කට පමණ භූමිකම්පාවේ විපාක බලපෑ ඇති බව ඇස්තමේන්තු කර ඇත. එයින් දිස්ත්‍රික්ක 11ට සෘජුවම භූමිකම්පාවේ විපාක බලපෑ ඇති අතර මෙම ප්‍රදේශවල මිලියන 2කට අධික ජනගහනයක් පීඩාවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත ප්‍රකාශ කරයි.

     

    විවිධ ස්ථානවල ඉදිකර ඇති තාවකාලික අවතැන් කඳවුරුවල ජීවත්වන ජනතාවට ද මූලික අවශ්‍යතාවයන් පවා ඉටු කරගැනීමට නොහැකිව අසරණ තත්වයට පත්ව ඇත. ආහාර පාන හා වෛද්‍ය පහසුකම් ලැබීම අවම වීම නිසා මේ තත්වය තවත් උග්‍ර වෙමින් පවතියි.

     

    විශාල කළුගල්, කොන්ක්‍රීට් තට්ටු ඉවත් කිරීමේ කටයුතු පැය 50කට අධික කාලයක් තිස්සේ තවමත් ජනතාව විසින් සිදුකරනු ලබති. එසේම රෝහල් පහසුකම් අවම වීම හේතුවෙන් ද බෙහෙත් ද්‍රව්‍ය හා උපකරණ පහසුකම් අඩු වීම නිසා ජනතාවගෙන් ලැබෙන පැමිණිලි ද ඉහළ යමින් පවතියි.

     

    මූලාශ්‍රය : BBC

     

    nepal earth quake v2 624.jpg1nepalnepal-earthquake-update-09nepal-earthquake-update-09.jpg23nepal-survivors wide

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya