නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලයේ භූ කම්පනයේ බලපෑමෙන් ඉන්දියාවේ 62ක් මියයති

    අප්‍රේල් 27, 2015

    පසුගිය සෙනසුරාදා නේපාලයේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 7.9 ක් ලෙස සටහන් වූ භූ කම්පනයේ බලපෑම් හේතුවෙන් ඉන්දියාවේ උතුරු හා ඊසානදිග ප්‍රදේශවල මියගිය සංඛ්‍යාව 62ක් පමණ බව ඉන්දීය පුවත් වාර්තා කරයි.

    බිහාර් ප්‍රාන්තයෙන් මරණ 46ක්, උත්තර් ප්‍රදේශ් හි මරණ 13ක් (නේපාලයට යාබදව), බටහිර බෙංගාලයෙන් මරණ 03ක් ද 259දෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වී ඇතැයි ඉන්දීය අභ්‍යන්තර ලේකම්, එල්. සී ගෝයල් මහතා සඳහන් කර ඇත.

     

    මෙම අනතුරින් ඉන්දියාව තුළ වඩාත්ම පීඩාවට පත් ප්‍රදේශ වෙත ජාතික ආපදා ප්‍රතිචාර හමුදාවේ (NDRF) කණ්ඩායම් හතරක් යවා ඇති බව එහි නිලධරීන් ප්‍රකාශ කර ඇති අතර අවශ්‍ය වුවහොත් අනෙකුත් සහනාධාර ද එහි යැවීමට කටයුතු කරන බවත් පවසා ඇත.
     


    මෙම භූමිකම්පාවේ ප්‍රචණ්ඩ ගොදුරක් වූ ඉන්දියාව, නේපාලයට සහනාධාර සැපයූ දකුණු ආසියාවේ ප්‍රථම රට ද වේ. ඊයේ (26) ඉන්දියාව ආහාර, ජලය සහ බෙහෙත්, මෙන්ම NDRF කණ්ඩායම ද සමඟ ගුවන් යානා 3ක් හා හෙලිකොප්ටර් යානා 2ක් නේපාලයට යැවී ය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya