මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලයේ ඇති වූ භූ කම්පනයෙන් 3,218කට අධික පිරිසක් මියයති

    අප්‍රේල් 27, 2015

    නේපාලයේ ඇති වූ භූ කම්පනයෙන් අවම වශයෙන් මිය ගිය සංඛ්‍යාව 3,218කට අධික බව නේපාල බලධාරීහු පවසා ඇතැයි බීබීසී පුවත් වාර්තා කරයි.

    නේපාලය ආපදා කළමනාකරණ ආයතනය ප්‍රධානී, Rameshwor Dangal මහතා පවසා ඇති පරිදි තවත් 6,500කට අධික පිරිසකට තුවාල සිදුවී ඇත.

     

    මෙම භූ කම්පනය හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ හා චීනයේ දුසිම් ගනණක් මිය ගොස් ඇති බව වාර්තා වී ඇත. නේපාලයේ විශාල පිරිසක් විපතෙන් අවතැන් වී සිටින ‍අතර දේපල රැසකට විශාල හානි සිදුව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

     

    නේපාලයේ කත්මන්ඩු අගනුවරට සැතපුම් 50 ක් පමණ දුරින් පිහිටි පොක්හාරා ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය සෙනසුරාදා (25) උදෑසන සිදු වූ රික්ටර් මාපකයේ ඒකක 7.9 ක් ලෙස සටහන් වූ භූ කම්පනයත් හා කත්මන්ඩු නුවරට නැගෙනහිර දෙසින් පිහිටි කොඩාරි ප්‍රදේශයේ දී ඊයේ (26) සිදු වූ රික්ටර් මාපකයේ ඒකක 6.7ක් වූ භූ කම්පනය ඇතුළු පසු කම්පන රැසක් ද සිදුව ඇත.

     

    මේ වනවිට විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු අසල්වාසී රටවල සිට ආධාර රැගත් කණ්ඩායම් රැසක් නේපාලයට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya