අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු පළාත් ක්‍රීඩා සංකීර්ණයේ වැඩ ඇරඹේ

    අප්‍රේල් 18, 2015

    සබරගමු පළාත වෙනුවෙන් ඉදිකරනු ලබන අංගසම්පූර්ණ පළාත් ක්‍රීඩා සංකීර්ණයේ වැඩ අරඹමින් සංචාරක හා ක්‍රීඩා  අමාත්‍ය නවීන් දිසානායක මහතා පසුගියදා ඒ සඳහා මුල්ගල් තැබීය.

    මෙම ක්‍රීඩා සංකීර්ණය සඳහා වෙන්කර ඇති ඇස්තමේන්තු පිරිවැය රුපියල් මිලියන 250කි.

     

    මෙම ක්‍රීඩා සංකීර්ණය අනාගතයේ රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් බිහිවන ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට උපකාර වනු ඇතැයි අමාත්‍යවරයා එහිදී සභාව අමතමින් අදහස් පළ කළේය.

     

    මෙම ක්‍රීඩා සංකීර්ණයට මීටර් 400ක ධාවන පථයක් හා නෙට්ස් පහක් සහිත ක්‍රිකට් පුහුණු පහසුකම් එක් කිරීමට ද තමන් යෝජනා කළ බවත් ඉන් උපරිම ඵල නෙලා ගැනීම පළාතේ ක්‍රීඩකක්‍රීඩිකාවන් සතු බවත් වැඩිදුරටත් පවසා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya