අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලභීතිකාව වැළදීමෙන් දිනකට මිනිසුන් 160ක් මරුට

    අප්‍රේල් 17, 2015

    සුනඛයින්ගෙන් සම්ප්‍රේෂණය වන ජලභීතිකා රෝගයෙන් වසරකට මිනිසුන් 59,000ක් පමණ මියයන අතර ලෝකයේ දුගී රටවලට මෙය ඉතා තදින් බලපෑම් කරන රෝගයක් බව ජලභීතිකා රෝග පාලනය සඳහා වන ගෝලීය සන්ධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක් මඟින් හෙළිදරව් වී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

     

    එම වාර්තාව පෙන්වාදෙන ආකාරයට දිනකට 160ක් පමණ ජනතාව මෙම රෝගය නිසා මිය යන බව ගණන් බලා ඇත. මෙයින් අතිමහත් බහුතර මරණ ප්‍රතිශතය සියයට 60ක් ආසියාවෙන් වාර්තා වන අතර සියයට 36ක් අප්‍රිකාවෙන් වාර්තා වේ.

     

    විශේෂයෙන්ම අඩු ආදායම් ලබන රටවල සුනඛයින් අඛණ්ඩව එන්නත් කිරීම සිදු කළ යුතු බව එම වාර්තාවේ කතුවරුන් යෝජනා කර ඇත.

     

    සුනඛයින් සපා කෑ රෝගීන් සඳහා ලබා දෙන එන්නත් ද මෙම ප්‍රදේශවලට වැඩි වශයෙන් ලබා දීම ද අත්‍යවශ්‍ය කරුණක් ලෙස ඔවුන් යෝජනා කර ඇත.

     

    මාරක වෛරස ආසාදනයක් වන ජලභීතිකා රෝගය සියයට සියයක්ම වළක්වාගත හැකි අතර ඒ සඳහා එන්නත් හා ප්‍රතිකාර ද ඇත.

     

    මෙම ආසාදනය සියලු ක්ෂීරපායි සතුන්ට ආසාදනය විය හැකි නමුත් ජලභීතිකා රෝගය නිසා සිදුවන සියලු මිනිස් මරණවලින් සියයට 99ක් සුනඛයින් නිසා සිදුව ඇතැයි එම වාර්තාවේ දැක්වේ

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya