අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතීත ගැටලු නිරාකරණයට ලංකාවට බි‍්‍රතාන්‍යයේ සහාය - කැමරන්

    අප්‍රේල් 17, 2015

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කළ බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා පසුගිය යුගයේ පැවැති ගැටලු විසඳීමෙහි ලා ශ‍්‍රී ලංකාව දරන ප‍්‍රයත්නයට බි‍්‍රතාන්‍යය සහාය දක්වන බව පැවසීය. දැනට කි‍්‍රයාත්මක වෙමින් තිබෙන එක්සත් ජාතීන්ගේ විමර්ශනයන්ට සම්පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ද කැමරන් මහතා ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.

     

    අගමැතිවරයාගේ සංදේශය මෙසේය:

     

    ‘‘බි‍්‍රතාන්‍යයේත්, ශ‍්‍රී ලංකාවේ හා ලොව පුරා අලුත් අවුරුද්ද සමරන සිංහල හා දෙමළ ජනතාවට මම සුබ පතමි. මෙය තම අලුත් අවුරුද්ද සැමරීමට පවුල්, මිතුරන් හා අසල්වාසීන් සමඟ මිලියන ගණන් ජනතාව එක්වන අවස්ථාවයි.’’

     

    ‘‘එමෙන්ම, දෙමළ හා සිංහල ජනතාව බි‍්‍රතාන්‍යයට ඉටු කරන මෙහෙවර සිහිපත් කිරීමට ද මෙය අනඟි අවස්ථාවකි. ඔබ විසින් ඉටු කරන එම මෙහෙවර අපේ පාසල්වල, රෝහල්වල මෙන්ම කලා හා ව්‍යාපාර අංශයන් හි ද අපට සෑම දිනෙකම දක්නට ලැබෙයි.’’

     

    ‘‘අද අලුත් අවුරුද්ද සමරන බොහෝ දෙනා පිටරට, විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ සිටින තම ආදරණීයයන් සිහිපත් කරන බව මම දනිමි. පසුගිය මාසයේ ලන්ඩනයේ ඩෝව්නින්ග් ස්ටී‍්‍රට්හි දී ශ‍්‍රී ලංකා ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ පසුගිය ගැටලුවලට පිළියම් සෙවීමට එතුමාගේ රජය ගෙන ඇති පියවරයන්ට මා උපකාර කරන බව පැවසීමි. දැනට කි‍්‍රයාත්මක වෙමින් තිබෙන එක්සත් ජාතීන්ගේ විමර්ශනයන්ට රජය සම්පූර්ණ ලෙස සහයෝගය දැක්විය යුතු බව මට පෙනුණි.’’

     

    අතීත පීඩාවන් සමනය කිරීමට උපකාරී වීමෙහි ලා මේ අලුත් අවුරුද්ද විසින් ජන කොටස් එක් කරනු ඇතැයි මම අපේක්ෂා කරමි.’’

     

    ‘‘අලුත් අවුරුද්ද සමරන සියල්ලන්ට සතුටු හා සෞභාග්‍යවත් නව වසරක් මම ප‍්‍රාර්ථනා කරමි!’’

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya