අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේගේ අයි පෑඩ් පරිගණකය වෙන්දේසි කර උරුගුවේ පාසැලකට මුදල්

    අප්‍රේල් 16, 2015

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ට හිමිව තිබු ඇපල් වෙළඳ නාමයට අයිති අයි පෑඩ් කුඩා පරිගණකය (iPad) වෙන්දේසි කර ඇත. ඉන් ලැබුණු ඩොලර් 30,500ක මුදල උරුගුවේ රාජ්‍යයේ දුප්පත් පාසැලක් වෙත ලබා දීමට නියමිතය.

     

    එය වෙන්දේසි කරනු ලැබුයේ උරුගුවේ අගනගරය වන මොන්ටෙවිදෙයෝ(Montevideo) හි දීය. ඩොලර් 5000ක් පමණක් වටිනා මෙම අයි පෑඩ් කුඩා පරිගණකය පාප් වහන්සේට අයත් වූවක් නිසා මෙවැනි විශාල මුදලකට වෙන්දේසි වී ඇතැයි පැවසේ.

     

    කෙසේවෙතත් මෙම වෙන්දේසියේ දී ජයග්‍රාහී ඉල්ලුම ලබා දුන්නේ දුරකතනය ඔස්සේ බව පැවසූ වෙන්දේසිකරුවන් මෙම අයි පෑඩ් කුඩා පරිගණකය මිල දී ගත් පුද්ගලයාගේ නම හෙළි කිරීමෙන් වැළකී සිටිති.

     

    පාප් වහන්සේට ද තිළිණයක් ලෙස ලැබුණු මෙම මෙම අයි පෑඩ් කුඩා පරිගණකය, වතිකානයේ පැවති හමුවක දී පාප් වහන්සේ විසින් උරුගුවේ පුජකවරයෙක් වන Gonzolo Aemilius පියතුමා හට තෑගි කරනු ලැබ ඇත්තේ එය යොදා ගෙන යම් හොඳ දෙයක් කරන ලෙස ඉල්ලීමක් ද කරමිනි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya