මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංගක්කාර 2015 විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛයා වෙයි

    අප්‍රේල් 09, 2015

    ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර 2015 විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ (2015 Wisden Cricketers) ලැයිස්තුවේ ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර තිබේ.

     

    පසුගිය වසරේ ඔහු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව විස්ඩන් සඟරාව වාර්තා කරයි.

     

    37 හැවිරිදි මේ වමත් පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකු ලෙස 2014 වසරේ දී (විස්ඩන් සඟරාවේ දින දර්ශනයට අනුව) එකපිට ලබා ගත් ත්‍රිත්ව ශතකය සමඟ ජාත්‍යන්තර ලකුණු 2868ක් රැස් කළ කුමාර් සංගක්කාර වසර තුළ සිය උපරිම දක්ෂතා පෙන්වීම හේතුවෙන් මෙම සම්මානය දිනා ගත් බව විස්ඩන් සඟරාවේ සංස්කාරක ලෝරන්ස් බූත් මහතා ප්‍රකාශ කර ඇත.

     

    වසරේ හොඳ ම ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර නම් කිරීම සාධාරණ බව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහු ශතක 4ක් වාර්තා කිරීම මගින් වඩා ත් තහවුරු වූ බව ද ඔහු පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya