මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ සේවා - රූපවාහිනි වොලිබෝල් තරගාවලියේ අවසන් තරග අද

    අප්‍රේල් 11, 2015
    ජාතික තරුණ සේවා සභාව, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කළ තරුණ සේවා - රූපවාහිනි වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    ඒ අනුව යෞවන සමාජ සම්මේලන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පැවැති අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේ අවසන් තරගය හා දිවයිනේ ප්‍රබලතම කණ්ඩායම් රැසක් සහභාගි වූ සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග දෙක මෙදින පැවැත්වෙනු ඇත. 
     
    අභියෝගතා ශූරත තරගාවලියේ පිරිමි අවසන් තරගය රුවන්වැල්ල රාජසිංහ විද්‍යාල කණ්ඩායම හා නාත්තන්ඩිය දම්මිස්සර විද්‍යාල කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත. එහි කාන්තා අවසන් වටය සඳහා මාවතගම කැෂුවල්ලයින් යෞවන සමාජ සම්මේලන කණ්ඩායම හා තොඩුවාව ශාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායම් අතර වේ.
     
    සුපර් ලීග් පිරිමි අවසන් තරගයට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සුදුසුකම් ලබා ඇති අතර එහි කාන්තා තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම තේරී පත් ව ඇත.
     
    මෙම තරගාවලිය සඳහා ජාතික රූපවාහිනිය අනුග්‍රහය දක්වයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya