මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ උසම හෝටලය කුඩා ස්විස් ගමක සැලසුම් කෙරේ

    අප්‍රේල් 07, 2015

    ස්විස් උස් කඳු වැටි පිළිබඳ සිහි කිරීම් සාමාන්‍යයෙන් මනෝඥ අතීතකාමී ප්‍රතිරූප සමඟ සම්බන්ධ වේ.

    හිම සහිත කඳු මුදුන්

    රෝස කම්මුල් සහිත එළු පල්ලන්
    තුන් කොන් චොකලට් පටි
    හා යෝධ වීදුරු අහස සිඹින ගොඩනැගිලි

     

    හොඳයි. ඇතැම් විට අවසන් නිදසුන නොවිය හැකි යි. එහෙත් බටහිර යුරෝපයේ උසම හෝටලය කුඩා ස්විස් ගමක ඉදිකිරීමට ගත් විවාදාත්මක තීන්දුවත් සමග නුදුරු අනාගතයේ දී එය වෙනස් විය හැකි ය.

     

    2019 දී ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත මේ 7132 නම් වීදුරුවලින් වටවූ ගොඩනැගිල්ල මීටර 381ක් (අඩි 1250) උස අතර එය එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල තරම් උස වේ.

     

    මෙය සාර්ථකව නිම වුවහොත් "විනිවිද පෙනෙන හා සිහින්" අධි සුඛෝපභෝගී හෝටලය හා සම්බාහනාගාර සංකීර්ණය මගින් ස්විස් දැකුම්කලු දර්ශනයන් හි පෙර නොදුටු විරූ දැක්මක් ලබා දෙනු ඇත.

     

    එ සේ ම එ මගින් ගිනිකොණ දිග ස්විස්ටර්ලන්තයේ පිහිටි මිනිසුන් 1000කට පමණ හා එ පමණකටම බැටලුවනට නිවාස වූ වාල්ස් (Vals) හි ප්‍රජාවන් ගේ වැඩීමට බාධාවක් වනු ඇත.

     

    7132 නම් කුලුන - වාල්ස්හි තැපැල් කේතයෙන් නම් කළ - Therme Vals නම් අමුත්තන් 1000කට රැයකට $250 සිට ඉහළට මිල වන කඳුකර සම්භාහනාගාරයක අයිතිකරුවන් විසින් අධිකාරිත්වය ලබා දෙනු ඇත.

     

    කුලුනෙහි පෙනුම ජාත්‍යන්තර වශයෙන් පවත්වන ලද තරඟයක ප්‍රතිඵල වශයෙන් තෝරා ගෙන ඇත.

     

    කෙසේ වෙතත් ප්‍රතිඵල නිවේදනයට පෙර ව්‍යාපෘතියේ පරිමාණය හා සැලැස්ම පිළිබඳ ගැටලුකාරිත්වයන් ඇමතීමට තේරීම් ක්‍රියාවලිය අසමත් වූ බව දක්වමින් විනිශ්චය මණ්ඩලය තරඟය නැවැත්වී ය.

     

    ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී තොම් මේයන් (Thom Mayne) තම වර්ග මීටර 53,000 දීප්තිමත් කුලුන නිරුත්සාහක ව ම එහි ග්‍රාමීය පසුබිම සමඟ මුසු වෙතැ යි උදක් ම කියා සිටියේ ය.

    හෝටලය හැකි පමණ ම , පසුබිම නැවත නැවත මතු කරන හා බලන්නාට භූම් ලක්ෂණය පිළිබඳ මනා චිත්‍රයක් මවා පාන්නා වූ එකක් වෙයි.

     

    මේ හෝටලය - අමුත්තන් ගේ කාමර 107, ආපන ශාලා, නර්තන ශාලා, ගැලරි, පුස්තකාලය, ව්‍යායාම ශාලා, තටාක හා ව්‍යාපාර පහසුකම් සහිත - ලෝකයේ හොඳම හෝටල් පහ අතරට එක් කිරීමට හා ඒ අනුව මිල නියම කිරීමට මේ යෝජිත කුලුනේ අයිතිකරුවන් අදහස් කරති.

     

    කෙසේ වෙතත් මෙය ජනතා ඡන්දයකට යොමු කිරීමට සැරසෙන දේශීය සැලසුම් අධිකාරීයේ තීරණය ලැබෙන තෙක් මේ බලාපොරොත්තු සුන් වී යාමේ ඉඩක් ද පවතී.

     

    මූලාශ්‍රය - Barry Neild, CNN

    7135 hotel2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya