මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යේමනයේ චීන තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමේ

    අප්‍රේල් 07, 2015

    චීන රජය යේමනයේ චීන තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක හුවා චුනියින්ග් මහත්මිය ඊයේ (06) සඳහන් කළාය.

     

    චීනය විසින් ඊයේ (06) චීන ජාතිකයින් 24දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යේමනයේ අල්-හොදයිදා බටහිර වරායෙන් ජිබුටි වෙත යැවීමට කටයුතු සැලසූ බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

     

    යේමනයේ අයහපත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් යේමනයේ චීන තානාපති කාර්යාලයේ රාජකාරියේ නියුතු සියලු  කාර්ය මණ්ඩලය චීන රජයේ සහායෙන් නැවත සිය රටට ගෙන්වා ගත් බවත් හුවා මහත්මිය පවසා සිටියාය.

     

    යේමනයේ සිටි චීන ජාතිකයන් හා එහි චීන තානාපති කාර්යාලයේ වැඩ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 45ක් ද Linyi නාවික යාත්‍රාවෙන් පිටතට රැගෙන ඒමට චීන රජය කටයුතු කළේය.

     

    මේ දක්වා යේමනයේ අයහපත් ආරක්ෂක වාතාවරණය නිසා එරටින් පිට වීමට කැමැති වූ චීන ජාතිකයන් 613 දෙනෙකු චීන රජය විසින් ඉවත් කර ඇත.

     

    තවත් රටවල් 15ක පුරවැසියන් 279 දෙනෙකු යේමනයෙන් ඉවත් කිරීමට ද චීන රජය සහය දක්වා ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya