මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු - ශී‍්‍ර ලංකා මිතුදම යළි සවිබල ගැන්වෙනවා - භාරතීය ජනතා පක්ෂය

    අප්‍රේල් 07, 2015
    ශී‍්‍ර ලංකාවේ මීට පෙර පැවැති රජය දුර දිග නොබලා ගත් ඇතැම් තීරණ හේතුවෙන් ඉන්දු - ශී‍්‍ර ලංකා සබඳතා යම්තාක් දුරකට පළුදුවීමට බලා පෑ බව ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය පවසයි.
     
    කෙසේ වෙතත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා, ශී‍්‍ර ලංකා නව රජය සමඟ ගෙන යන විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රක ප‍්‍රතිපත්තිය අගය කරන බව එම පක්ෂය පවසා ඇත.
     
    අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බැංගලෝර් නුවර පැවැති පක්ෂයේ දෙ දින විධායක කමිටු රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
     
    ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ එහිදී ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් යෝජනාවක් ද සම්මත කර ගැණුනු බවයි. අසල්වැසි රාජ්‍යයන් හි ගැටලුවලදී ඉන්දියාව, හරිහැටි කි‍්‍රයාත්මක නොවීම තුළ පසුකාලීනව එම ගැටලුවල බලපෑම ඉන්දියාවට ද එල්ල වීමේ තත්ත්වයක් පැවතුණි.
     
    ඉන්දීය විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉන්දීය පාලක පක්ෂය සම්මත කර ගත් යෝජනාවේ දැක්වෙනුයේ ඉන්දු – ශී‍්‍ර ලංකා සබඳතා යථා තත්ත්වයට පත් කර ගැනීමට අග‍්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අධිෂ්ඨාන පූර්වකව කටයුතු කරන බවයි. ශී‍්‍ර ලංකාවේ නව රජයක් බලයට පැමිණීමත් සමඟ ඊට රුකුලක් ලැබී තිබේ.
     
    එසේම පළුදු වූ මිතුදම යළි සවිබල ගැන්වෙමින් පවතින බවද මෙහිදී සඳහන් ඇත. ඒ අනුව ඉන්දු ශී‍්‍ර ලංකා මිතුදම ශක්තිමත් කර ගැනීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීම වැදගත් බවද මෙහිදී ප‍්‍රකාශ වූ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya