මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ක්‍රීඩා දින සැමරුම නුවරඑළියේ දී

    අප්‍රේල් 07, 2015

    ජාත්‍යන්තර ක්‍රීඩා දින සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික වැඩසටහන ඊයේ (06) සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත් විණි. 2014 වර්ෂයේ අප්‍රේල් මස 06වන දින ජාත්‍යන්තර ක්‍රීඩා දිනය වශයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබේ. ඒ අනුව පළමු වරට දකුණු ආසියාතික රටක් මෙම ජාත්‍යන්තර ක්‍රීඩා දිනය ජාතික උත්සවයක් ලෙසින් සංවිධානය කළ පළමු අවස්ථාව මෙය යි.

     

    ′සාමය සහ සංවර්ධනය′ යන මැයෙන් මෙම ජාතික වැඩසටහන සංවිධානය කොට තිබුනු අතර සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් වැඩසටහන සංවිධානය කොට තිබිණ. එමෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශය, සමාජ සේවා අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ දායකත්වය ද මෙයට හිමි විය.

     

    අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මැරතන් තරගය සහ පාගමන සඳහා බොහෝ පිරිස් සහභාගී වී සිටි අතර පාසල් දුවා දරුවන් රැසකගේ දායකත්වය ඒ සඳහා හිමි වූහ. රටක සංවර්ධනයට ක්‍රීඩාව දක්වන දායකත්වය සහ ක්‍රීඩාශීලී ප්‍රජාවක අවශ්‍යතාවය මෙහි දී අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට ලක් විය. අධ්‍යාපනය පරිපුර්ණ වීමට නම් ක්‍රීඩාව අත්‍යවශ්‍ය සාධකයක් බවත් නුදුරේදීම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් නුවරඑළිය කේන්ද්‍ර කොටගෙන ඉදි වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවටත් ඒ මහතා මෙහි දී සඳහන් කර සිටියේ ය.
     


    මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ දොරේයි මහතා, දිස්ත්‍රික් ලේකම් කේ.එච්.ඒ මීගස්මුල්ල මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින්, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් තුමන් ප්‍රමුඛ නිලධාරීහු රැසක් සහභාගී වී සිටිය හ. මෙරටට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත් කරදුන් නිලුක කරුණාරත්න සහ සුගත් තිලකරත්න යන ක්‍රීඩාකයින් දෙපළද මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටිය හ.

     

    SDF

    navin1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya