මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර සංවර්ධනය අත්පත් කර ගැනීමේදී අතීතය අමතක කළ නොහැකියි - ඇමෙරිකාව

    අප්‍රේල් 06, 2015
    ශී‍්‍ර ලංකාව අපේක්ෂා කරන තිරසාර සාමය හා සංහිඳියාව ළඟා කර ගැනීමට හැකියාවක් ඇත්තේ සිදුවුවා යැයි කියවෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වූ සත්‍ය අසත්‍යතාව සොයා බැලීමකින් පමණක් බව ඇමෙරිකානු මානව හිමිකම්, ප‍්‍රජාතත්ත‍්‍රවාදයෙන් වූ අසත්‍යතාවසොයා බැලීමකින් පමණක් බව ඇමෙරිකානු මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, කම්කරු අයිතීන් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොවුස්කි මහතා පැවසීය.
     
    මේ දිනවල ශී‍්‍ර ලංකාවේ චාරිකාවක නිරතව සිටින ටොම් මහතා පසුගියදා උතුරු - නැගෙනහිර පළාත්වල සංචාරයක නිරත විය. මුලතිව් හිදී සහකාර රාජ්‍ය ලේකම්වරයා විසින් යුද්ධයෙන් ජීවිත අහිමි වූ පාර්ශවයන් සියලූ දෙනා සිහිපත් කරන ලදී.
     
    ටොම් මහතා ටුවිටර් පිටුවේද මේ පිළිබඳ ඡායාරූපයක් ද එක් කරමින් සටහනක් තබමින් පවසා ඇත්තේ මෙවැනි විනාශයක් ඉදිරියේ දී ඇති නොවීමට ශී‍්‍ර ලංකාව වගබලා ගත යුතු බවයි. වසර 30ක් පුරා පැවැති යුද්ධය හේතුවෙන් අහිමිව ගිය අවස්ථාවන් බොහොමයක් යළි අත්පත් කර ගැනීමට දැන් ශී‍්‍ර ලංකාවට අවස්ථාව ලැබී ඇත. ඒ වෙනුවෙන් ශී‍්‍ර ලංකාවට සහයෝගය ලබාදීමට ඇමෙරිකාව සූදානමින් සිටි බව ද ඒ මහතා පෙන්වා දී තිබේ.
     
    ශී‍්‍ර ලංකාවේ සිදු වූ බවට කියැවෙන මානව හිමිකම් කඩවීමේ සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට ශී‍්‍ර ලංකා රජය උනන්දු කරවන බවද ඇමෙරිකාව කියා සිටියි.
     
    ශී‍්‍ර ලංකා නව රජය වර්තමානයේ ගෙන ඇති ඇතැම් තීරණ සම්බන්ධයෙන් ද ඇමෙරිකාව ප‍්‍රශංසාව පළ කරන බව ටොම් මලිනොවුස්කි මහතා කියා සිටී. යුද්ධයෙන් පසු වත්මන් රජය ඇතැම් අසීරු තීරණයන් ද ගෙන ඇත. එවැනි තීරණ රටේ තිරසාර සංවර්ධනයට අනිවාර්ය බවත් අතීතය අමතක කිරීමෙන් තිරසාර සාමයක් අත්කර ගත නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya