මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාසාහි අඟහරු මත ගොඩබෑමේ තාක්ෂණය අත්හදා බැලෙයි

    අප්‍රේල් 02, 2015

    නාසා ආයතනය විසින් ජුනි මාසයේ දී රොකට් බලයෙන් ක‍්‍රියා කරන පීරිසි හැඩැති පරීක්ෂණ වාහනයක් හවායිහි කවුආයිහි නාවික හමුදා මිසයිල මධ්‍යස්ථානයේ සිට ගුවන්ගත කිරීමට සැලැසුම් කරයි.

    මේ පරීක්ෂණ යානයේ අවසන් පරීක්ෂා කිරීමක් මාරතු 31 වැනි දා කැලිෆෝනියාහි දී සිදු කෙරිණ. මෙහි දී අඩි 15ක් පළල, රාත්තල් 7000ක් බරැති යානය එහි සමබරතාව පිරික්සීම සඳහා මිනිත්තුවකට තිස් වරක් කරකැවිණි.

     

    අපේ‍්‍රල් මැද භාගයේ දී යානය හවායි වෙත පිටත් කෙරෙන අතර ජුනි මාසයේ දී සිදු කෙරෙන පර්යේෂණාත්මක ගුවන්ගත කිරීමේ දී බැලූමක් ආධාරයෙන් යානය අඩි 120,000ක් උසකට රැගෙන යයි. එහි දී පැසිෆික් සයුරට ඉහළින් එය අත්හැරෙන අතර එහි රොකට් බූස්ටරය මගින් එය අඩි 180,000 උසට රැගෙන යන අතර වේගය ශබ්දයේ වේගය මෙන් 4 ගුණයකට ළඟා වෙයි.

     

    වේගය ශබ්දයේ වේගය මෙන් 3.8ක දී පමණ අධිධ්වනිත පිම්බෙන සුලූ වායුගතික වේගය අඩු කිරීමේ උපකරණය යොදාගැනෙන අතර, ඉන් ශීඝ‍්‍ර ලෙස එහි වේගය 2.5 තෙක් අඩු කෙරේ. එවිට එහි පැරෂුටය (ගුවන්ගත කරන ලද විශාලතම අධිධ්වනිත පැරෂුටය) ක‍්‍රියාත්මක කෙරෙන අතර විනාඩි 45කට පමණ පසු යානය හවායි දූපතට එපිටින් වූ පැසිෆික් සාගරයට පාලිත ගොඩබෑමක් සිදු කිරීමට අපේක්ෂිත ය.

     

    අඟහරු ග‍්‍රහයා ගේ තුනී වායුගෝලයට සමාන කළ හැකි වන්නේ පෘථිවියේ අපරවර්තී ගෝලයේ ඉහළ ස්තරයයි. අඟහරු හෝ පෘථිවිය වැනි වෙනත් වායුගෝලයක් සහිත ග‍්‍රහවස්තුවක් මතට ආරක්ෂාකාරී ලෙස විශාල ගුවන් බඩු ගොඩබෑම පහසු කරනු වස් මේ තාක්ෂණය අත්හදා බැලෙයි.

    මූලාශ්‍රය - නාසා ආයතනය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya