මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගනී

    අප්‍රේල් 02, 2015
    දැනට යේමනයේ අධ්‍යාපන කටයුතු හදාරන සිසු සිසුවියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 75 – 100ත් අතර වෙතැයි වාර්තා වේ. වර්තමානය වනවිට එරට උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ යේමනයේ අගනුවර වන සනා ඇතුළු අනෙකුත් ප්‍රධාන නගර වන හො‍දෙයිදා, ඒඩන් හා මුකල්ලා හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.  
     
    විදේශ කටයුතු අමාත්‍යංශය හා දැනට යේමනය වෙත අක්ත ගන්වා ඇති මස්කට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යේමනයේ ජීවත් වන සියලු ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිතව යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මස්කට් හි ශ්‍රී ලාංකීක දූත මණ්ඩලය, යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ සබඳතා පවත්වාගෙන යන අතර ඔවුන් විසින් යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වර්තමාන තත්ත්වය ඍජුවම අධීක්ෂණය කරමින් සිටිනු ඇත.
     
    පුද්ගලයන් ඉවත් කරගැනීමේ කාර්යයේ දී ශ්‍රී ලංකා රජය විසින් සනා හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හා කොළඹ පිහිටි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ සහය ද ලබාගෙන ඇත.
     
    එමෙන්ම යේමනයේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන්, ඉන්දිය ජාතිකයන් සමඟ රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු කරන  මෙන් ශ්‍රී ලංකා රජය විසින් කළ ඉල්ලීම ඉන්දීය රජය පිළිගෙන ඇති අතර ඔවුන් විශේෂ ගුවන් යානා හා නැව් මඟින් රැගෙන එනු ඇත. පසුගිය සතියේ වැඩබලන විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ  නියෝජ්‍ය විදේශ කටයුතු  අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, මෙම මුදවා ගැනීම් කාර්යයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය හා මස්කට් හා සනා හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාල සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙස නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
     
    මෙම කාර්යයේ දී ඉන්දීය නිලධාරීන් හට අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෙත සහ මස්කට් හි නියෝජ්‍ය තානාපති වෙත විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ද අවශ්‍ය උපදෙස් නිකුත් කර ලැබ ඇත.
     
    යේමනයේ ජීවත්වන තම ඥාතීන් සම්බන්ධ කරගැනීම සඳහා අවශ්‍ය තොරතුරු විදේශ කටයුතු අමාත්‍යංශය වෙත 0115839414, 0112323015, This email address is being protected from spambots. You need JavaScript enabled to view it./This email address is being protected from spambots. You need JavaScript enabled to view it. (කන්සියුලර් අංශය - විදේශ කටයුතු අමාත්‍යංශය) ඔස්සේ දුරකතනයෙන් හෝ ඊ-මේල් මඟින් කඩිනමින් දැනුම් දෙන ලෙසත් එසේ නොමැතිනම් යේමනයේ සිටින තම ඥාතීන් හට අදාළ තොරතුරු මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත 0096 895863739 - 0096 899898836,This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඕමාන් නියෝජ්‍ය තානාපති ඔස්සේ දැනුම් දෙන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.
     
    විදේශ කටයුතු අමාත්‍යංශය විසින් යේමනයේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර යේමනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නිරුපද්‍රිතව යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya