මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    GSP+ සහනය නැවත ලබා දීම තදින් සලකා බලනවා - යුරෝපා සංගමයේ ශී‍්‍ර ලංකා තානාපති

    අප්‍රේල් 01, 2015
    ශී‍්‍ර ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති තහනම ඉවත් කිරීමටත්, GSP+ සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාදීම පිළිබඳවත් තදින් සලකා බලන බවට යුරෝපා සංගමයේ ශී‍්‍ර ලංකා තානාපති ඩේවිඩ් ඩේලි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහතික වෙයි.
     
    තානාපතිවරයා ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව සහතික කළේය.
     
    ශී‍්‍ර ලාංකීය ජනතාවගේ මානව හිමිකම් තහවුරු කිරීම උදෙසාත් සංහිඳියාව ගොඩනැගීමටත් වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ව මෙහිදී සිය ප‍්‍රසාදය පළ කළ ඩේවිඩ් ඩේලි මහතා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවරයන්ට යුරෝපා සංගමයේ පූර්ණ සහය ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.
     
    යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ සංවිධානය නීති රාමුව තුළ වූ තහනම් ලැයිස්තුවෙන් ඉවත් කර තිබියදී පවා යුරෝපය තුළ එම සංවිධානයේ කටයුතු පිළිබඳ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන්නේ එවැනි අන්තවාදී සංවිධාන තුළින් ආරක්ෂාවට ඇති ප‍්‍රබල තර්ජනය නිසා බව ද තානාපතිවරයා ප‍්‍රකාශ කළේය.
     
    යුරෝපා සංගමය අතීතයේ සිට ම ශී‍්‍ර ලංකාවට ලබා දුන් ආධාර සහ සහයෝගයෙන් පිළිබඳ මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා, නව රජයේ නව ආකල්ප සහ මානව හිමිකම් සහ සංහිඳියාව වැඩිදියුණු කිරීමට ගෙන ඇති පියවර සලකා බලා හැකි ඉක්මණින් මත්ස්‍ය අපනයනයට පනවා ඇති තහනම ඉවත් කිරිමටත්, GSP+ සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාදීමටත් කටයුතු කරන ලෙස තනාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
     
    පසුගිය කාලයේදී ශී‍්‍ර ලංකාව සහ යුරෝපා සංගමය සමඟ සබඳතාවලට යම් පළුදු වීමක් සිදුවූවත් ඒවා මකාදමා තිරසාර සහයෝගිතාවක් ඇති කර ගැනීම නව රජයේ අධිෂ්ඨානය බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජාතින් අතර සංහිඳියාව සවිමත් කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ නායකත්වයෙන් කාර්යසාධක බලකායක් පිහිටුවීම, විධායක බලතල අඩු කිරීම, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය යනාදී වශයෙන් රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී විස්තර කළේය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya