මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යේමනයේ යුද ගැටුම්වලින් සිර වී සිටින ශී‍්‍ර ලංකිකයන් ගෙන්වා ගැනීමට ඉන්දීය රජයේ සහය

    අප්‍රේල් 01, 2015
    යේමනයේ හට ගෙන තිබෙන යුද ගැටුම් හේතුවෙන් සිරවී සිටින ශී‍්‍ර ලාංකිකයින් පිරිස යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා සහය ලබාදීමට ඉන්දීය රජය තීරණය කරයි.
     
    ඕමානයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක් අනුව ඒ සඳහා කැමැත්ත ප‍්‍රකාශ කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.
     
    යේමනයේ පිහිටි තානාපති කාර්යාලය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් යුතු ව එම ශී‍්‍ර ලාංකිකයින් පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා පියවර ගෙන තිබේ. යේමනයේ සේවය කරන ඉන්දියානුවන් 3,500ක් පමණ යළි ගෙන්වා ගැනීම නෞකා යෙදවීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙන අතර  ඔවුන් සමඟ යේමනයේ සිර වී සිටින ශී‍්‍ර ලාංකිකයන් ද ගෙන්වා දෙන බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කර ඇත.
     
    මේ වන විට යේමනයේ සිර වී සිටින ශී‍්‍ර ලාංකිකයන් ගණන 53ක් බව පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය ඔවුන්ගෙන් 34 දෙනකු ඝානා අගනුවර ද, සිව් දෙනෙකු අල් මුකල්ලා ප‍්‍රදේශයේද, එක් අයකු ඒඩ්න් සහ තවත් 14 දෙනකු අල් හුද්‍රා ප‍්‍රදේශයේ ද රැඳී සිටින බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya