මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය සහ ශ්‍රී ලංකාව අතර වැරදි චිත‍්‍රයක් මැවීමට කිසිවෙකුටත් ඉඩක් නැහැ

    අප්‍රේල් 01, 2015
    චීනය සහ ශ්‍රී ලංකාව අතර වැරදි චිත‍්‍රයක් මැවීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා චීන රජයේ පුවත්පත් හා ප‍්‍රකාශන උප ඇමති සහ CCTV සභාපති හු ෂෙපෑන් මහතා  (Hon. Hu Zhanfan, Vice Minister of State Administration of Press, Publication, Radio, Film & Television of China & President of China Central Television )   හමුවේ පැවසීය.
     
    ඇමතිවරයා එසේ පැවැසුවේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින චීනයේ උප ඇමති හු ෂෙපෑන් මහතා ඇතුළු දූත පිරිස ඊයේ (31) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේදී ය.
     
    චීන මධ්‍යම රූපවාහිනී ආයතනය (CCTV) සමඟ මාධ්‍ය තාක්ෂණ හුවමාරු වැඩසටහන් පැවැත්වීමටත් සංචාරක ප‍්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයන් වෙනුවෙන් චීනයේ ප‍්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සංචාරක හෝටල් තුළ ප‍්‍රචාරය කිරීමටත් මෙහිදී සාකච්ඡා විය.
     
    සේද මාවත වැඩසටහන යටතේ ආර්ථික, වාණිජ, සංස්කෘතික, කලා මාධ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන් මෙන්ම ළමා හා වාර්තා වැඩසටහන්  නිපදවීම හා ප‍්‍රචාරය පිළිබඳවත් CCTV ආයතනයේ සහයෝගය ලබා දීම පිළිබඳ එකඟතාව ප‍්‍රකාශ කෙරිණි.
     
    ශ්‍රී ලංකාවත් චීනයත් අතර  පවතින අතීත මිතුදමත් සංස්කෘතික බැඳීමත් පිළිබඳ සිහිපත් කල කරුණාතිලක මහතා චීන රජය ලබා දී ඇති විවිධ ආධාර හා සංවර්ධන වැඩසටහන්වලට ස්තූතිය පළ කළේය.
     
    මෙම සාකච්ඡාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද සහභාගී විය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya