මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝප සංගමයෙන් එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත්

    මාර්තු 29, 2015
    යුරෝපා සංගම් අධිකරණය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය තීරණය කොට ඇත. මෙම තහනමත් සමඟ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුරෝපා සංගමයේ රටවල් 28ක් තුළ තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත වේ.
     
    යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය (27) රැස් වූ යුරෝපා කවුන්සිලයේ දී මෙම තීරණය ගෙන ඇත. 
     
    පසුගිය වසරේ දී යුරෝපා සංගමයේ සාමාන්‍ය අධිකරණය එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පැනවුණු සම්බාධක ඉවත් කරමින් ලබාදුන් තීන්දුව යළි සලකා බලන ලෙස එවකට විපක්ෂ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ යුරෝපා සංගමය වෙත කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම තහනම නැවත කි‍්‍රයාත්මක වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya