මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු බැංකු යටිතල පහසුකම් ආයෝජන බෝආඕ සංසදයේ අවධානයට

    මාර්තු 27, 2015

    ආසියානු බැංකු යටිතල පහසුකම් ආයෝජන හා ලෝක ආර්ථිකය වැනි මාතෘකා පිළබඳව අවධානයට ලක් කරමින් මෙවර ආසියානු බෝආඕ සංසදයේ ( Boao Forum for Asia ) වාර්ෂික රැස්වීම ඊයේ (26) දකුණු චීනයේ Hainan පළාතේ බෝආඕ නගරයේ දී ආරම්භ කළ බව එහි සංවිධායකයෝ පවසති.

     

    චීනයේ දූපතක් වන Hainan පළාතේ බෝආඕ නගරයේ,  සෑම වසරකම පවත්වන මෙම රැස්වීම  තෙවන වරටත් ජනාධිපති ෂී ජින්පින්ග් මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

     

    එය, ඉන්දුනීසියාවේ ජනාධිපති Joko Widodo, නේපාලයේ ජනාධිපති රාම් යාදෙව් සහ සැම්බියාවේ ජනාධිපති Edgar Lungu යන මහත්වරුන් ද ඕස්ට්රේලියාවේ ආණ්ඩුකාර Peter Cosgrove, නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය Mark Rutle හා රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Igor Shuvalov යන මහත්වරුන් ද ඇතුළුව රටවල් 16ක රාජ්‍ය නායකයයෝ රැසක් මෙම සංසදයට සහභාගී වන බව නිවේදනය කර ඇත.

     

    විවිධ රාජ්‍යයන්ගෙන් අමාත්‍ය මට්ටමේ නිලධාරීන් 80 ක් පමණ ද වයවසායකයින් වැඩි සංඛයාවක් ද සහභාගී වූ  2014 රැස්වීම, 500ක පමණ විදේශ පාලකයන් පිරිසක් එකට මුණ ගැසුණු ලෝක නවාතැන් පොළක් විය.

     

    එළඹෙන ඉරිදා (29) දක්වා පැවැත්වෙන මෙම රැස්වීම සඳහා මුදල් ප්‍රතිපත්තිය, ගෝලීය ආර්ථික න්‍යාය පත්‍රය, අන්තර්ජාල තාක්ෂණය හා නව නිපැයුම් සහ ව්‍යවසායකත්වය වැනි මාතෘකා පිළිබඳ සාකච්ඡාවට බදුන් කිරීමට චීනය, මහත් උනන්දුවක් දක්වන පෙනී යයි.

     

    ආරම්භක සාමාජිකයන් ලෙස සංසදයට එක්වන එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය හා ස්විට්සර්ලන්තය වැනි රටවල අරමුණ යටිතල ව්‍යූහයන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආයෝජන පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඇති කැමැත්ත බව ඔවුන් සහභාගී වූ විශේෂ සාකච්ඡාවක දී අනාවරණය කර ඇත. විශේෂයෙන් පැරණි සේද මාවත ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය තුළින් චීනය අග්නි දිග ආසියාව හා ජල මාර්ගයෙන් සම්බන්ධ කරමින් ආර්ථික තීරයක සංක්‍රාන්ති සමයකට අවතීර්ණ වීමේ අභිලාශය පිළිබඳව ද මෙම ආරම්භක සාමාජිකයින් එම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ඒකකයක් පිහිටුවීම සම්බන්ධව ද සංසදයේ දී සාකච්ඡාවට ලක් කරනු ඇත. එය සහභාගී වන රටවල ආර්ථික සංවර්ධනයට අදාළවන ආකාරය කතා කිරීමට චීනය අපේක්ෂාවෙන් පසු වේ.

     

    ලොව වටා කර්මාන්ත නියෝජිතයින් විසින් මිනිස් වර්ගයාගේ තිරසාර සංවර්ධනය සඳහා ආහාර සුරක්ෂිතභාව, වෛරස් හා වසංගත පිළිබඳ ගැටලු, අදහස් හා යෝජනා ආසියානු බෝආඕ සංසදය 2015 සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

     

    දූෂණය (අපවිත්‍රකරණය) සහ එය මානව සෞඛ්‍යට සිදුකරන බලපෑම, කෘෂිකාර්මය, සමාජයේ පරම්පරා අතර වෙනස්කම් හා උරුමය හා දූෂණයට එරෙහිවීම ඇතුළු මාතෘකා රැසක් සංසදයේ දී අවධානයට යොමු කරනු ඇති බව People's Daily විසින් අද (27) නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya