නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කාන්තා දිනය අද

    මාර්තු 08, 2015

    ජාත්‍යන්තර කාන්තා දිනය ලෝකයේ බොහෝ රටවල සෑම වසරකම මාර්තු මස 08 වැනි දින සමරනු ලැබේ. එම දිනයේදී ජාති, වර්ණ, සංස්‌කෘතික, ආර්ථික හා දේශපාලන භේදවලින් තොරව කාන්තාවන් තම ජයග්‍රහණය උදෙසා තවදුරටත් දිනා ගතයුතු අයිතීන් පිළිබඳව කතා කරයි.

     

    ප්‍රථමයෙන් කාන්තා දිනය ලෝකයේ සමරනු ලැබුවේ 1909 වසරේදීය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1975 දී ජාත්‍යන්තර කාන්තා වර්ෂය ආරම්භ කිරීමත් සමගම එම ආයතනය මාර්තු මස 08 වැනි දින කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

     

    ජාත්‍යන්තර කාන්තා වර්ෂය ආරම්භ කිරීමත් සමගම ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ තත්ත්වය වර්ධනය කිරීම සඳහා 1978 දී ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන යුගයේදී ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය ආරම්භ කෙරිණ.

     

    අද ශ්‍රී ලංකාවේ කාන්තාව අධ්‍යාපන, සෞඛ්‍ය සහ රැකියා වැනි ක්‍ෂේත්‍රයන්හි සතුටු විය හැකි මට්ටමකට පැමිණ ඇතැයි සමාජ විචාරකයෝ පවසති. නායකත්ව භූමිකාව ද වත්මන් කාන්තාව නිරූපණය කරනු දක්නට ලැබේ. ගම් මට්‌ටමේ තිබෙන සංවර්ධන කටයුතුවල වැඩි වශයෙන් පෙරමුණ ගෙන ඇත්තේ කාන්තාවෝ ය. කෙටියෙන් සඳහන් කළහොත් ග්‍රාමීය කාන්තා සහභාගීත්වය රටේ සංවර්ධන ක්‍රියාදාමයට ඒකාබද්ධ වී ඇත.

     

    වර්ථමානයේ අප රටට ඉහල විදේශ විනිමයක් ගෙන දෙන ප්‍රධාන ආදායම් මාර්ග වන විදේශ ගෘහ සේවිකා, ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන භූමිකාව, මෙන්ම තවත් බොහෝ රැකියාවල ප්‍රධාන චරිතය ද අද කාන්තාවයි.

     

    කරුණු එසේ වුවත් කාන්තාවන්ට එරෙහිව සමාජීය විෂමතා මතු කෙරෙන නීති තවදුරටත් සංශෝධනය විය යුතුව ඇත. සමාජයේ කාන්තාවන්ගේ සමානාත්මතාව හා විෂමතා අවම කර ගැනීම සඳහා ගත යුතු, කළ යුතු කරුණු බොහෝය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya