නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල කාන්තාවන් 15,000කට ලබන වසරේ පොල් කර්මාන්තය ආශ්‍රිත ස්වයංරැකියා

    දෙසැම්බර් 15, 2014

    මොනරාගල දිස්ත්‍රික්කයේ කාන්තාවන් 15,000ක් සඳහා ලබන වසර තුළ දී පොල් කර්මාන්තය ආශ්‍රිත ස්වයංරැකියාවලට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය.


    මේ වන විටත් හඳුනා ගත් පොල් ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා කාන්තාවන් තෝරාගැනීම හා පුහුණුවීම් ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා නියඟය හේතුවෙන් විනාශයට පත් වූ පොල් පැළ වෙනුවට අලුත් පොල් පැළ ලබාදීමේ වැඩසටහන යටතේ මොනරාගල මඩුල්ල ප්‍රදේශයේ කප්රුක සමිති සාමාජිකයන් වෙත හිමිකම්පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

    මේ සඳහා සෑම කප්රුක සමිතියකින් ම කාන්තාවන් 50 දෙනෙකු තෝරා ගෙන ඔවුන්ට අවශ්‍ය පුහුණුව හා ස්වයංරැකියාව කරගෙන යාමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා අමුද්‍රව්‍ය ලබාදීමට ද පියවර ගන්නා බව හෙතෙම කීය.

    පොල් ගසේ සෑම කොටසකින් ම ප්‍රයෝජන ලබා ගත හැකි බවත් බොහෝ දෙනෙකු ඒ පිළිබඳ නොදන්නා හෙයින් පොල් ගසෙන් උපරිම ප්‍රයෝජනයක් නොගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.

    පොල් කටුවලින් නිසි ප්‍රයෝජන නොගත් මොනරාගල ජනතාව අද වන විට ඉන් විශාල ලෙස මුදල් උපයා ගැනීමට සමත් ව ඇත. එය තව තවත් ක්‍රමානුකූල කිරීමේ අරමුණින් ඔවුන්ට පුහුණුවීම් ලබා දෙනු ඇත. පොල් ගස කියන්නේ කප්රුකක්. ඉන් නිසා ප්‍ර යෝජන ගන්නවා නම් කාටවත් අතපාන්න වෙන්නේ නැහැ. අනිත් කාරණය අපේ කාන්තාවන්ට ගෙදර ඉදගෙන ම මින් හොඳ ආදායමක් ඉලැයිය හැකියි. අපි දුප්පත් කිය කිය හිටියම පොහොසත් වෙන්නේ නැහැ. එයින් මිදෙන්න නම් යම් වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ජනාධිපතිතුමා මට මේ අමාත්‍යාංශය භාර දීලා උපදෙස් දුන්නේ අවශ්‍ය පරිදි මේ කර්මාන්තය දියුණු කරන ලෙසයි. එදා පොල් ත්‍රිකෝණයට පමණක් සීමා වී තිබූ පොල් කර්මාන්තය අද වෙන විට සෑම දිස්ත්‍රික්කයක ම ප්‍රචලිත කරන්න හැකි වී තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya