අනුරාධපුර දිස්ත‍්‍රික් නායක "කලාවැව ශ‍්‍රී.ල.නි.ප. සංවිධායක අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් යන මහත්වරුන්ට බුලත් හුරුළු දී ඔවුහු ඊයේ (13) පස්වරුවේ සංධානයට එක්වූහ.
මෙහිදී අදහස් දැක්වු එස්.එම්. චන්‍ද්‍රසේන මහතා කියා සිටියේ එක්තරා නාලිකාවකින් හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමන් යුද්ධය සියයට 75ක් අවසන් කළ බවත් ඉතිරි ටික ජනාධිපතිතුමා අවසන් කළ බවත් කීවා. රට භාර දෙන විට යුද්ධය නිසා රටම අවුල් ජාලයක් වී තිබූ අතර එය වෙනස් කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බව ද චන්‍ද්‍රසේන මහතා පැවැසීය.
පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව ජනතාව ද ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා මෙහිදී පැවසීය.
HC