නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාගෙන් වැඩියෙන්ම ප්‍රයෝජන ගත්තු සමහර කලාකරුවෝ තමයි අද එතුමාට පිටුපාලා තියෙන්නේ

    දෙසැම්බර් 12, 2014

    ජනාධිපතිතුමාගෙන් වැඩියෙන්ම ප්‍රයෝජන ගත්තු සමහර කලාකරුවන් අද ජනාධිපතිතුමාට පිටුපාලා තියෙන බවත් චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහත්තයා එක්කත් ගැටලු ඇති කරගෙන තිර පිටපත් 55ක් 60ක් අරගෙන උදේ ඉඳන් රෑ වෙනකම් ජනාධිපතිතුමා ළඟට වෙලා ප්‍රයෝජන අරගත් එක් කලාකරුවෙක් අවසානයට මුල අමතක කරපු බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.


    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (11) වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති වයඹ පළාත් රාජ්‍ය කලා උළෙල හා සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

     

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් සභාව ඇමතූ අමාත්‍යවරයා,

     

    “මට ලොකු හීනයක් තිබුණා ලංකාවේ තියන කලා මණ්ඩලයට අමතර ව වයඹ පළාතෙත් අනු මණ්ඩල කීපයක් හදලා ශක්තිමත් කරන්න. මම මහ ඇමතිවරයා විදියට වැඩ බාරගන්න කොට අපේ පළාත් සභාවේ කලාකරුවන්ගේ නාම ලේඛනයක් තිබුණේ නැහැ. මම සහකාර ලේකම්වරුන්ට අවශ්‍ය උපදෙස් ටික දුන්නා.දැන් මේ වෙනකොට අපි නාම ලේඛනයක් සකස් කරලා තියනවා. විවිධ ශීර්ෂ යටතේ නාමාවලියක් විදියට අපි ඒක එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ජනවාරි මුල් සතිය වෙද්දී වයඹ කලා මණ්ඩලය පිහිටුවන්න අපි කටයුතු කරනවා. කලාකරුවන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න අපි තීරණය කරලා තියනවා. අපේ අමාත්‍යංශයේ සංස්කෘතික අංශය යටතේ ඒ අරමුදල ලක්ෂ 30කින් ආරම්භ කරලා තියනවා.

     

    මම වයඹ පළාතේ ජනකලා කේන්ද්‍රයට උපදෙස් දුන්නා මාතරින් හා ගාල්ලෙන් බතික් නිර්මාණ, මහනුවරින් විවිධ කැටයම් වගේ දේවල් මිලදී ගන්න එක නවත්වලා අපේ පළාතේ අයගේ නිර්මාණ මිලදී ගන්න කියන එක. එහෙම කරාම අපේ පළාතේ නිර්මාණ කරන අයට ඒක ලොකු ශක්තියක් වෙනවා. අද අපේ සංස්කෘතික අංශය සහ ජනකලා කේන්ද්‍රය අතර එකමුතුවක් නැහැ. දෙගොල්ලොම එකම කාර්යය කරනවා. නමුත් පාරවල් දෙකක යන්නේ. ඒ නිසා මම ඒ අයට මේ වෙද්දී උපදෙස් දීලා තියනවා එකට එකතු වෙලා වැඩ කරලා වයඹ පළාතේ කලා කටයුතු ඉහළ නංවන්න කියලා.

     

    ජනාධිපතිතුමා කලාකරුවන් එක්ක ළඟින් ම ඉන්න කෙනෙක්. එතුමා කලාකරුවන් වෙනුවෙන් රන්මිහිතැන්න වගේ විශේෂ ස්ථාන හදලා දීලා ඒ අයගේ සුභ සිද්ධිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්. සමස්ත කලාකරුවන්ගේ සාධාරණ ඉල්ලීම් වලට එතුමා උදව් කරපු කෙනෙක්.ඒ නිසා අපි අපේ ජනාධිපතිතුමාට වයඹ කලාකරුවන්ගේ ශක්තියත් ලබා දෙමු.“ යැයි කියා සිටියේය.

     

    මෙම අවස්ථාවට ප්‍රධාන අමාත්‍යවරයාගේ පිරිවෙන් හා බෞද්ධ කටයුතු ලේකම් ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය වහන්තරේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ, වයඹ පළාතේ ආණ්ඩුකාරවර නීතිඥ තිස්ස ආර්. බලල්ල මහතා, වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක මහතා, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් පී.බී.එම්. සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සංස්කෘතික නිලධාරීන් ද සම්මාන ලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

     

    SDF

    Day 2Day 3daya 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya