අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජන රැළි මාලාවේ මංගල ජන රැළිය ලෙස ඊයේ (11) අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවති ජන රැළිය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මහනුවර පොදු වෙළඳපොළ ඉදිරිපිට රැස්වීමේ සිටි සෙනග ටිකයි අද මේ අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණය උතුරා ගලන රොද බැඳගත් මේ මහා ජනතාවයි දෙක එකට සංසන්දනය කරලා බැලුවහම ලබන ජනවාරි 9 වෙනිදාට අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනවා කියන කාරණය පැහැදිලියි. අයියෝ සිරිසේන කියලා තමයි දැන් අපිට කියන්න තියෙන්නේ.
සිරිසේන මහත්තයෝ මේක මෝදී වගේ එන්න කියන විකට ඇඳුම් තරගයක් නෙවෙයි. අද මෛත්‍රී මහත්තයා මෝදීට ඇඳලා බලනවා වැඩේ ගොඩදාගන්න පුළුවන්ද කියලා, මෝදී වගේ නෙවෙයි ඔබාමා වගේ ඇන්දත් මේ සම්මජාතියේ ආයේ මේ අවුල් හවුලට මේ රටේ ජනතාව රට භාරදෙන්නේ නැහැ.
මේක පටන්ගත්තේ මෛත්‍රීපාල මහත්තයා මෙහෙන් අරන් වුණාට මේක ඉවරවෙන්නේ එහෙන් ගන්න තියෙන සේරම අරගෙන කියන එන අපි කියන්න ඕනේ. අද හෙළ උරුමයේ මතයට පිටුපාලා තමන්ගේ හෘද සාක්ෂියට ගරු කරලා උදය ගම්මන්පිල මහත්තයා ජනාධිපතිතුමාට සහය දෙන්න ආයිත් ආණ්ඩුවට ආවා. මේක ආයිත් අලුතින් අය යන කාලය නෙවෙයි, ගිය අයත් ආයෙත් එන කාලය.
මේ ජන ගඟ දැක්කම මෙහෙන් ගිය තරුණ හාදයාට වුණත් හිතෙන්න පුළුවන් අනේ අපරාදේ මම වරද්දගත්තේ කියලා. මේක කෘතිම ෆේස්බුක් බලයක් නෙවෙයි, නියම ජනබලය. මේක තමයි රට රකින නායකයාව රකින නියම ජන බලය.
ගෝලීය දෙමළ සංසදයේ සුරේෂ් සුරේන්ද්‍රන් මහත්තයෝ ලබන මාර්තු මාසයේ උඹලා ජනාධිපතිතුමාව හේග් නුවරට ගෙනියන්න හිතාගෙන ඉන්නවා නම් උඹලට නෙවෙයි වෙන කාටවත් ඒ වැඩේ කරන්න දෙන්නේ නැහැ කියන දැවැන්ත ජන බලය තමයි මේ ගොඩනැගිලා තියෙන්නේ.
අර අවුල් හවුලට මේ රට භාරදෙන්න මේ රටේ ජනතාවගේ ඔළුව හොඳ නැද්ද? අද එක්සත් ජාතික පාක්ෂිකයෝ තක්කු මුක්කු වෙලා බලාගෙන ඉන්නවා. චන්ද්‍රිකා නෝනා එක්සත් ජාතික පක්ෂය හයිජැක් කරලා තියෙන්නේ.
තිස්ස කපලා වැට මුල්ලේ, සජිත් කපලා දොරමුල්ලේ, කරූ කපලා ගේ මුල්ලේ, අත නොතබන් සෙට්ටියෝ කියලා තමයි අද එක්සත් ජාතික පාක්ෂිකයෝ කියන්නේ. අන්තිමට එක්සත් ජාතික පාක්ෂිකයින්ට ඉතුරුවෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. එතුමා ව අපි ඉතුරුකරනවා, මොකද අපිට හොඳ විපක්ෂ නායක කෙනෙක් ඉන්න ඕන නිසා“ යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයෝ, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් සහභාගී වූහ.
MAP