අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේ මිහින්තලේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
එහිදි ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේද කීය. යුද්ධය නිමා කරන ලෙස ඉල්ලා සිටිමින් 2005 වසරේ ජනතාව විසින් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති පදවියට පත් කළා. එතුමා යුද්ධය අවසන් කර රටට සාමය උදා කළ පසු රට සංවර්ධනය කරන ලෙස ඉල්ලා සිටිමින් මේ රටේ ජනතාව 2010 දී වැඩි ඡන්ද 19 ලක්‍ෂයකින් ජනාධිපති පදවියට පත් කළා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා දැන් තුන්වෙනි වරටත් ජනාධිපතිවරණයට ජනතා ඉල්ලීම මත ඉදිරිපත් වෙලා. ජනාධිපතිතුමා සමඟ 2005 තරග වැදුණු එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතාත් 2010 තරග කළ සරත් ෆොන්සේකා මහතාත් ජනාධිපතිතුමා පරාජය කළ නොහැකි බව අවබෝධ කොට ගෙන කුමන්ත‍්‍රණයක් මඟින් ශ‍්‍රී.ල.නි.ප. මහ ලේකම් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා සමඟ තරගයක් නැහැ.
මේ වන විට එ.ජා.ප. මහ ලේකම් ඇතුළු පාර්ලිමේන්තු, පළාත් සභා, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් රැසක්ද සරත් ෆොන්සේකාගේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ද ජනාධිපතිතුමා සමඟ එක් වෙලා. එ.ජා.ප.යේ පාක්‍ෂිකයන් දහස් ගණනක් ජනපති ජය, විජයග‍්‍රහණයක් බවට පත්කිරීමට එක් වෙලා. ජනවාරි 08 ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 23 ලක්‍ෂයකින් පමණ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා යළි ජනාධිපති පදවියට පත්වන විට පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට 09 වෙනිදා උදෑසනම යළි ශ‍්‍රී.ල.නි.ප. සාමාජිකත්වය ඉල්ලා ජනාධිපතිතුමා වෙත ඉල්ලුම්පත‍්‍රයක් භාරදීමට තරම් දෛවයේ සරදමකට ලක්වෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
NDH/HC