නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවගමුව - දෙවුල්පිටිය කැලේ නව සේවා පියස විවෘත කෙරේ

    දෙසැම්බර් 06, 2014
    නවගමුව - දෙවුල්පිටිය කැලේ නව සේවා පියස විවෘත කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති විමල් වීරවංශ මහතා අතින් අද (06) ප.ව. 5.00ට සිදු කෙරේ.
     
    රාජ්‍ය අංශයේ සේවාවන් ලබා ගැනීමට විවිධ ස්ථානවලට යාමෙන් දුෂ්කරතාවට පත් ව සිටි නවගමුව ප්‍රදේශයේ ජනතාවට එම සේවාවන් සියල්ල එකම ස්ථානයක දී කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉටුකර දීමේ අරමුණින්, විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කඩුවෙල සංවර්ධන කමිටුවේ අධීක්ෂණය මත රුපියල් ලක්ෂ 20ක පිරිවැයක් දරා මෙම සේවා පියස ඉදිකර ඇත. 
     
    මෙම අවස්ථාවට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ජගත් පුෂ්පකුමාර, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya