මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලිවයික්කාල් නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් 20කට අයත් පුද්ගලයන් 50ක් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ මුලතිව් ආරක්ෂක මූලස්ථානය කටයුතු කළේය.
මෙම පිරිස චන්ද්‍රන් පෙරපාසලේ තාවකාලික ව රඳවා ඇති අතර මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ උපදෙස් මත එම පිරිස සඳහා අවශ්‍ය ආහාරපාන ලබාදීමට ද යුද හමුදාව කටයුතු කළේය.
DB