"මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක "ජන සෙවණ"ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙහි මූල්‍ය දායකත්වය ලබා දී තිබේ.
ක්‍රමවත්ව ඉදි නො වූ නිවාසවල වහළ අලුත්වැඩියා කර ගැනීම සහ අඩක් නිම කළ නිවාසවල වහළ අලුතින් ඉදිකිරීම සඳහා මෙම සෙවිලි තහඩු ප්‍රදානය කෙරේ.
මෙම අවස්ථාවට කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක රෝහිත බෝගොල්ලාගම, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී. එච්. එල්. විමලසිරි පෙරේරා මහත්වරු, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, ප්‍රතිලාභීන් හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
DB