නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරිසේන ස්ටෝර්ස් එකේ බඩු කල් ඉකුත්වෙලා

    දෙසැම්බර් 06, 2014
    සිරිසේන ස්ටෝර්ස් එකේ බඩු කල් ඉකුත්වුණු ඒවා නිසා විශ්වාස නැති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
     
     
    විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජනසෙවණ ස්වශක්ති ප්‍රජාසම්පත් මධ්‍යස්ථාන 26ක් හා නැණසල මධ්‍යස්ථාන 07ක් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් ඊයේ (05) දෙමටගොඩ, සිරිධම්ම මාවත, මහා විසුද්ධාරාම විහාරස්ථානයේ දී පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “සිරිසේන ස්ටෝර්ස් එකේ බඩු විශ්වාස නැහැ, කල් ඉකුත්වෙලා කියලා ජනතා විමුක්ති පෙරමුණ කියනවා. කල් ඉකුත්වුණු තත්ත්වය එහෙම්පිටින් ම පෙනෙනවා. චන්ද්‍රිකා නෝනා කල් ඉකුත්වුණු කෙනෙක්. රනිල් මහත්තයට කල් ඉකුත්වෙලා බොහොම අමාරුවෙන් නැවත අප්ඩේට් කරගෙන ඉන්නේ. කල් ඉකුත්වුණු භාණ්ඩ පමණක් සිරිසේන ස්ටෝර්ස් එකේ තියෙන නිසා ජනතා විමුක්ති පෙරමුණට විශ්වාස නැහැ. 
     
    ජනතා විමුක්ති පෙරමුණ අන්න සතා මෙන්න පොල්ල මං සිල්ගත්තා කියලා කියන්නාක් මෙන් මහින්ද රාජපක්ෂව පරද්දන්න කියනවා යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya