නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 20.3%කින් ඉහළට

    දෙසැම්බර් 05, 2014
    කලාපීය රටවල් අතරේ නැගී එන ආර්කථියක් සහිත ශී‍්‍ර ලංකාව සංචාරක ආකර්ෂණීය රටක් බවට පත්කරමින් විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 20.3‍%කින් ඉහළ ගොස් තිබේ.
     
    පසුගිය 2013 වසරේ නොවැම්බර් අවසානය දක්වා සංචාරකයන් 1,120,675 දෙනෙකු ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙන අතර ඊට සාපෙක්ෂව සංචාරක පැමිණීම 20.3%ක වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ නොවැම්බර්  දක්වා 1,348,481 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
     
    පසුගිය 2013 නොවැම්බර් මාසයේ දී ශී‍්‍ර ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාවට සාපෙක්ෂව මේ වසරේ නොවැම්බර් මාසයේදී විදේශීය සංචාරක පැමිණීම 9.4%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී විදේශීය සංචාරකයන් 109,420 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව ද ඊට සාපේක්ෂව මේ වසරේ එම මාසයේදී විදේශීය සංචාරකයන් 119,727 දෙනෙකු පැමිණ තිබෙන බව ද ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.
     
    2016 වන විට ශී‍්‍ර ලංකාවට විදේශීය සංචාරකයන් ලක්ෂ 25 ක් ගෙන්වා ගැනීම රජයේ අරමුණ වී තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මගපෙන්වීම දැනටමත් සිදුකර ගෙන යන බව ද අවශ්‍ය ඉලක්කය කරා ළඟාවීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya