අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේ මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයේ එප්පාවල නගර මධ්‍යයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද කීය. පොදු අපේක්‍ෂකයා හා ඔහු සමඟ පක්‍ෂය හැර ගිය මැති ඇමතිවරු මේ වන විට එ.ජා.ප බලධාරීන් හමුවේ අන්ත අසරණ වී සිටිති. ඔවුන් ජනතාව විසින් තරයේ ප‍්‍රතික්ෂේප කර ඇත. මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයේ හිටපු සංවිධායකවරයා සමඟ පළාත් සභා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු නොව පක්‍ෂ සාමාජිකයකුවත් පක්‍ෂය හැර නොගිය බව පැවසූ ප‍්‍රධාන අමාත්‍යවරයා මේ වන විට මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂනායක (එ.ජා.ප) ලලිත් එදිරිසිංහ මහතා ශ‍්‍රී.ල.නි. පක්‍ෂයට එක් වූ බවත් ඔහු සමඟ එ.ජා.ප. පාක්‍ෂිකයන් දහසක් පමණ ශ්‍රීලනි පක්‍ෂයට එක් වී ඇති බවද කීය.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දුන්නා. අද මර බියෙන් තොරව නිදහසේ ජීවත් විය හැකිය. අඳුරෙන් වැසී තිබූ රට වේගවත් සංවර්ධනයකට යොමු වී ඇති බවත් ශ‍්‍රී ලංකාව අස්ථාවර කර ඊලාම් රාජ්‍යයක් උදෙසා බටහිර කුමන්ත‍්‍රණකරුවන්ගේ උගුලේ හසු වූ පොදු අපේක්‍ෂකයා හා චක් ගෝලයන් දේශපාලන ලෝකයේ අනාථ වන බව ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මිහින්තලේ ජනතාව ජීවිත පරිත්‍යාග කිරීමට වුවද සුදානමින් සිටින බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා කීය.
මෙම අවස්ථාවට විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල, නියෝජ්‍ය අමාත්‍ය එස්.සී. මුතුකුමාරණ, පළාත් සභා මන්ත‍්‍රී සරත් ඉලංගසිංහ මහත්වරු ද සහභාගී වූහ.