වී වැපිරීමේ අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරයා පවසා සිටියේ, මහින්ද රාජපක්‍ෂ රජය දේශීයත්වය යළි රට තුළ ස්ථාපිත කිරීමේ කටයුතු අරඹා ඇති බවයි. පාරම්පරික වී වර්ග විස්සක් මෙම මාස් කන්නයේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වගා කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම මාස් කන්නයේ උතුරු මැද පළාතේ ගොවීන් වෙත පාරම්පරික වී වගා කිලෝ ලක්‍ෂයක් නොමිලේ බෙදා දෙමින් සිටින බවත් ඔහු පැවසීය.
ශ‍්‍රාවස්තිපුර ප‍්‍රගති සේවා පදනම වී වැපිරීමේ උත්සවය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථවට විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ ලේකම් විජේරත්න සකලසූරිය, වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ආචාර්ය චන්න ජයසුමන යන මහත්වරු ද සහභාගී වූහ.
NDH/HC