නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ 489 දෙනෙකුට ස්ථීර පත්වීම්

    දෙසැම්බර් 03, 2014
    ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ දින 180ට වඩා සේවය කළ කොන්ත්‍රාත්, අනියම් හා ආදේශක පදනම්වල සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් 489 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ප්‍රදානය සහ සේවක මහත්ම මහත්මීන් 161 දෙනෙකු සඳහා  තනතුරු නාම ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ඊයේ  (02) සිදුකෙරිණ.
     
    මෙම උත්සවය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" ප්‍රකාර ව 2015 අය - වැය යෝජනාවලියට අනුව දින 180ක සේවා කාලයක් සම්පූර්ණ කළ කොන්ත්‍රාත්, අනියම් හා ආදේශක පදනම්වල සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් ස්ථීර සේවයට බඳවා ගැනීමේ වැඩසටහන යටතේ මෙම ස්ථීර සේවා පත්වීම් ප්‍රදානය කෙරිණ.
     
    රැකියාවේ සුරක්ෂිතභාවය ලබාදීම තුළින් සේවක මහත්ම මහත්මීන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම හා ගුණාත්මක සේවාවක් ලබාගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
     
    මේ අනුව ප්‍රාථමික ශ්‍රේණිය යටතේ ශිල්පීය නොවන, අර්ධ ශිල්පීය හා  ශිල්පීය යන ක්ෂේත්‍රයන්හි සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් සඳහා ස්ථීර පත්වීම් ප්‍රදානය කෙරිණ.
     
    එමෙන්ම කළමනාකරණ ශ්‍රේණිය යටතේ තාක්ෂණික නොවන හා තාක්ෂණික යන ඛාණ්ඩයන්හි සේවයේ නියුතු සේවක පිරිස වෙත ද මෙදින ස්ථීර පත්වීම්  ප්‍රදානය කෙරිණ.
     
    ඊට අමතර ව ජාතික  වෘත්තීය සුදුසුකම (NVQ) මටට්ම සපුරන ලද සේවක මහත්ම මහත්මින් 161 දෙනෙකු සඳහා එම පිරිස සේවයේ නියුතු සේවාවන්හි තනතුරු නාම ප්‍රදානය කිරීම ද මීට සමගාමී ව සිදුවිය.
     
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම ඉංජිනේරු ආයතනය වන ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන ආයතනයකි.  අංක 12841  දරණ 1962 ජනවාරි 01 වැනි දින  අතිවිශේෂ ගැසට් පත්‍රයේ අනුමැතියෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ස්ථාපනය කර ඇත.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ  මගපෙන්වීම පරිදි ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ වන විට ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර වී සිටින ප්‍රමුඛතම ඉංජිනේරු ආයතනයකි.  මෙමඟින් ඉංජිනේරු සේවා සැපයීම, උපදේශක සේවා සැපයීම, ඉදිකිරීම්  යන්ත්‍රෝපකරණ සැපයීම, සැලසුම් නිර්මාණය කිරීම, පුහුණුව ලබාදීම මෙන් ම පර්යේෂණ කටයුතු ද  සිදුකරනු ලබයි.
     
    කලක් පාඩු ලැබීම හේතුවෙන් වැසී යාමේ තර්ජනයට මුහුණ පා සිටි ශ්‍රී  ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව "මහින්ද චින්තන ඉදිරි දැක්ම" තුළින් වඩාත් කාර්යක්ෂම, ඵලදායී හා ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට මේ වන විට පත්ව ඇත.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක "ජන සෙවණ" නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට ද ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සක්‍රීය දායකත්වය සපයමින් සිටී.
     
    ඉංජිනේරු සංස්ථා ඉතිහාසය තුළ වාර්තාගත වාර්ෂික පිරිවැටුම් පවා ලබා ගැනීමේ තත්ත්වය උදාකරගැනීමට ද ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වර්තමානයේ දී සමත්ව සිටීම විශේෂත්වයකි.
     
    කාලාන්තරයක් මුළුල්ලෙහි  ස්ථීර සේවා පත්වීම් නොලද තමන් වෙත ස්ථීර පත්වීම්  ලිපි ප්‍රදානය කිරීමට සහ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කටයුතු කළ ජනාධිපතිතුමන්ටත් විමල් වීරවංශ අමාත්‍යවරයාටත් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාටත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයටත් රජයටත් ස්තූතිය පළ කරන බව ස්ථීර පත්වීම් ලාභීහු මෙහිදී ප්‍රකාශ කර සිටියහ.
     
    මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) බි. ජී.එස්. ගුණතිලක, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ  කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, එහි සාමාන්‍යාධිකාරි එම්.ඩී. පත්මසිරි යන මහත්ම මහත්මීහු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරු, නිලධාරීහු සහ පත්වීම්ලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya