කඩුවෙල කොට්ඨාසයේ පෙරපාසල් ගුරු මහත්මීන් වෙනුවෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පසුගියදා පැවති අධ්‍යාපනික වැඩමුළුවට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින්,
“මෙම වැඩමුළුව මඟින් ඔබ දැනට ලබාගෙන තිබෙන දැනුමට තවත් අලුතෙන් කරුණු එකතු වුණා. මෙය ආරම්භයක් විතරයි. මෙය මෙතනින් නවත්වන්නේ නැහැ. විවිධ අංශවල දැනුම එකතු කරලා ඔබලාගේ ඉල්ලීම පරිදි ඉදිරියේ දී තවත් ප්‍රදේශවල මේ ආකාරයේ වැඩමුළු පවත්වනවා.
නාවල විවෘත විශ්වවිද්‍යාලය හරහා පෙරපාසල් ඩිප්ලෝමාව හැදෑරීමේ අවස්ථාව කඩුවෙල ඔබට ලබාදීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. එමගින් පෙරපාසල් ක්ෂේත්රයෙන් උපාධිය දක්වා ඉගෙන ගැනීමේ අවස්ථාව කඩුවෙල ඔබට ලැබෙනවා.
කඩුවෙල පෙරපාසල් ගුරු සංගමය මඟින් කරන ලද ඉල්ලීම මත තමයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම අධ්‍යාපනික වැඩමුළුව සංවිධානය කරනු ලැබුවෙ. ඒ ආකාරයට ඔබ විසින් කරන ලද තවත් ඉල්ලීමක් ඉටු කරමින් පෙරපාසල් වැඩ කටයුතු පහසුකර ගැනීමට ඩී.වී.ඩී. යන්ත්‍ර නොමිලේ ලබා දීමත් මෙහි දී සිදු කරනවා. එමෙන් ම පෙර පාසල් පවත්වාගෙන යාමට අවශ්‍ය අනෙකුත් පහසුකම් ඔබගේ ඉල්ලීම පරිදි ඉදිරියේ දී දීර්ඝකාලීනව ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා.“ යැයි කියා සිටියේය.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සම්පාදනය කරන ලද ‘පුංචි අපි යි පරිසරය යි’ ගුරු උපදෙස් ග්‍රන්ථය ද මෙහිදී පෙරපාසල් ගුරු මහත්මීන් සඳහා නොමිලේ ලබාදෙන ලදී.
කඩුවෙල කොට්ඨාසයේ සියලු ම පෙරපාසල් නියෝජනය කරමින් පෙරපාසල් ගුරු මහත්මීන් හත්සිය දෙනෙකු පමණ එම අවස්ථාවට සහභාගී වූහ.
SDF