ගුවන් යානයේ එල්ලාගත් ට‍්‍රාන්ස්ෆෝමර් යන්ත‍්‍රයන් අවස්ථා දෙකකදී කඳුමුදුන වෙත රැගෙන පියාසර කිරිමත් කඳුමුදුන වෙත ගොඩ බෑමත් මෙම මෙහෙයුම තුළ දී සිදු කරන ලදි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සතු මනා පුහුණුව හා පළපුරුද්ද මෙහිදී මනාව ප‍්‍රදර්ශනය විය. අංක 06 පියාසර බලඝණයේ අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් කාලිංග මහිපාල මෙම මෙහෙයුමේ ප‍්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ අතර සහයක නියමුවා ලෙස පියසර ලුතිතන් ඉෂාන් මහතා කටයුතු කරන ලදි.
අංක 06 පියාසර බලඝණයට අයත් MI 171 SH වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඒ සඳහා යොදාගත් අතර මෙම මෙහෙයුම සාර්ථක ව සිදුකර ගැනිම සඳහා එම බලඝණයේ සියලු ම නිලයන් හට විශාල පරිශ‍්‍රමයක් දැරිමට සිදුවිය.
DB