ඒ අනුව යාපනය බලකොටුවේ කොටුබැම්මෙහි සහ බැස්ටියන් (ආරක්ෂක අට්ටාලවල) සංරක්ෂණ කටයුතු මේ වන විට 95%ක් පමණ අවසන් ව ඇත. මෙම සංරක්ෂණ කටයුතුවලට සමගාමීව කොටුව අභ්‍යන්තරයේ සිදුකෙරෙන භූ දර්ශන සැකසීමද 75%ක් පමණ මේ වන විට අවසන්ය. යාපනයේ බලකොටුවෙහි පිටත ආරක්ෂක වළල්ලේ ප‍්‍රධාන දොරටුවේ සංරක්ෂණ කටයුතුද නිමවී ඇති අතර මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා මේ වන විට රුපියල් මිලියන 134ක් පමණ වැයවී තිබේ.
යාපනේ කොටුවෙහි 2015 වසරේ සංරක්ෂණ කටයුතු සඳහා රුපියල් මිලියන 28ක් වෙන් වී ඇති අතර එම ප‍්‍රතිපාදනවලින් කොටුවෙහි පිටත ආරක්ෂක වළල්ල හෙවත් දිය අගලට පිටතින් වූ ආරක්ෂක ප‍්‍රකාරය හා ඒ ආශි‍්‍රත ඉදිකිරීම්වල සංරක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.
මෙම සංරක්ෂණ කටයුතු ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් සපයා දෙනු ලබන අරමුදල්වලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර ව්‍යාපෘතියේ උපදේශකවරයා ලෙස ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව හා ඉතිහාසය අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය ප‍්‍රසාන්ත මණ්ඩාවල මහතා කටයුතු කරයි.
සංරක්ෂණ කටයුතු අවසන් වීමත් සමඟ දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් වර්ධනය වෙමින් තිබේ. ලංකාවේ වෙනත් ඕලන්ද බලකොටු සියල්ල යුදමය කාර්යයන් සහ සාමාන්‍ය ජන ජීවිතයට සම්බන්ධ නිවාස වැනි ගොඩනැගිලිවලින් සමන්විත මුත්, යාපනය බලකොටුව මුළුමනින් ම යුදමය අරමුණු සඳහා ම වෙන් ව තිබීම විශේෂත්වයකි. කොටුව තුළ සාමාන්‍ය ජනයා වසන නගරය තිබීම වෙනුවට, යාපනයේ ඕලන්ද ජනාවාසය යාපනය කොටුවට පිටතින් පිහිටා තිබේ. මෙම ජනාවාසයේ ඕලන්ද හා බි‍්‍රතාන්‍ය අවධිවලට අයත් නිවාස 100කට අධික ප‍්‍රමාණයක් දැනුදු දක්නා ලැබේ.
බලකොටුවෙන් පිටත ඊට සමකාලීන ජනාවාස පිහිටා ඇත. මේ සඳහා උදාහරණ ලෙස ලෝකයෙහි ම දක්නට ඇත්තේ යාපනයේ හා දකුණු අප‍්‍රිකාවේ එක් කොටුවක් පමණි.
DB