නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ මහා පාවාදීම කළේ, ජුලියස් සීසර්ට බෲටස් පිටුපස්සෙන් පිහියෙන් ඇන්නා වගේ - ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්

    දෙසැම්බර් 02, 2014

    පුද්ගලික ආසාව, පුද්ගලික දේවල් වෙනුවෙන් මේ අය පක්ෂයෙන් ගිය බවත් මේ ගොල්ලෝ කවුරුත් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ගියේ නැති බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.


    මේ අය පක්ෂයෙන් ගියා කියන කාරණා එදා කියන්න තිබුණා. පක්ෂයේ ලේකම්වරයා ලෙස මධ්‍යම කාරක සභාවේ කියන්න තිබුණා. මෙන්න මේ දේවල් වෙනවට මම විරුද්ධයි. නිවැරදි කරන්න ඕනෑ කියලා චම්පික රණවක කීවෙත් නැහැ. මෛත‍්‍රීපාල සිරිසේන කිව්වෙත් නැහැ. ඒක තමයි ඇත්ත. මොකද මේ හැම තැනම මම ඉඳලා තියෙනවා. මම නොදන්න දෙයක් නැහැ. මේ මහා පාවාදීම කළේ, ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ, ජුදාස් පාවා දුන්නා වගේ. නැත්නම් ජුලියස් සීසර්ට බෲටස් පිටුපස්සෙන් පිහියෙන් ඇන්නා වගේ යැයි ද අමාත්‍යතුමා පැවසීය.

    එතුමා මේ බව පැවසුවේ කටුගම්පොළ මැතිවරණ කොට්ඨාසයේ ශ‍්‍රී ලංකා මධ්‍ය සන්ධාන හමුව අමතමිනි.

    තවදුරටත් අදහස් පළකරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. "ජුලියස් සීසර් හදාගත්ත පුතෙක් තමයි බෲටස්. බෲටස්ව කොන්සල්වරයෙක් කළෙත් ජුලියස් සීසර් තමයි. හැබැයි බෲටස්ස් එකතු වුණා, කුමන්ත‍්‍රණකාරයින්ට ජුලියස් සීසර් මරන්න. ජුලියස් සීසර් කොන්සල්වරුන් ඉන්න සෙනෙට් එකට ගියේ කිසි ම ආයුධයක් නැති ව, ආරක්ෂකයෙක් නැති ව. හැබැයි බෲටස් තමයි පළවෙනි පිහි පාර ඇන්නේ.

    ෂේක්ස්පියර් නාටකයේ, තමන්ට පිහියෙන් ඇන්න බෲටස් දිහා හැරිලා බලලා ජුලියස් සීසර් අහනවා, "ප්ලූටස් ඔබ? කවදාවත් විශ්වාස කළේ නැහැ මම හදාගත්ත පුතා, මම ඉහළට ගෙනාව මිනිහා, කොන්සල් තනතුරට වාඩි කරපු මිනිහා මට පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනියි කියලා." ඒක ම නේද මෛත‍්‍රීපාල කෙරුවේ. තමන් හදාවඩා ගත්ත, තමුන්ට තනතුරු දීපු, තමුන් රැකබලා ගත්ත කෙනාට පිටුපස්සෙන් ඇවිල්ලා පිහියෙන් ඇන්නා වගේ, ජනාධිපතිතුමාටත් අහන්න තිබුණේ "මෛත‍්‍රී ඔබ?" කියලා.

    මෛත‍්‍රීපාල සිරිසේන මහතා අපේ පක්ෂයේ ලේකම්වරයා ලෙස අවුරුදු දහ තුනක් වැඩ කළා. ඔහු පක්ෂයෙන් ඉවත් වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. ඔහු ගිය සුමානේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික ව යෝජනා කළා ඊළඟ ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කියලා. එතුමත් අත ඉස්සුවා, මමත් අත ඉස්සුවා, අපි ඔක්කොම අත ඉස්සුවා. පක්ෂයේ ලේකම්වරයා විදිහට එතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලිපියක් ලිව්වා, අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තෝරාගෙන ඉන්නවා කියලා. ලිපියක් ලියලා අත්සන් කරලා දුන්නා. පස්සේ ඒකත් ඒකමතිකව අනුමත කරලා, එදා දවසේ ආප්ප එහෙම කාලා. මම නම් කියන්නේ ආප්පෙ දිරවන්න ඉස්සෙල්ලා ගිහිල්ලා එහා පැත්තේ වාඩි වුණා.

    මධ්‍ය කාරක සභාව අභ්‍යන්තර සාකච්ඡා ගණනාවක් කරලා තියෙනවා. අද එතුමා කියන කිසිම දෙයක් කිසිම දවසක මධ්‍ය කාරක සභාවේ කතා කරලා නැහැ. එතුමාගේ පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්වා මම ජනාධිපති වෙනවා කියලා. දින100කින් මම මේක අත් අරිනවා. මම මේක දෙනවා විධායක අගමැතිවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් මිස, කාටවත් අගමැති පත්කරන්න බැහැ. එහෙම නැත්නම් විශ්වාසභංගයක් ආවා ම දොට්ට යනවා. එතකොට මේ උත්සාහ කරන්නේ මොකද්ද? අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට දෙන්නද?

    ද්විපක්ෂ ක‍්‍රමය භාරගන්න පක්ෂ දෙකක හැටියට අපේ පක්ෂය අරගෙන ගිහිල්ලා, තව පක්ෂයකට අගමැතිකම දෙන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. එයා ඒක තමයි කිව්වේ. අපිට පැය 24කින් විධායක අගමැතිකම ලබා දෙන්න යැයි තිස්ස අත්තනායක මහතා කිව්වා. ඒ වගේම විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරනවා කියලා. දැන් ටික ටික දියාරු වෙලා, දියාරු වෙලා ගිහිල්ලා දැන් විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කරන්නේ නැතුව ඇමතිකම් කීපයක් ගන්නවා කියලා කිව්වා. දැන් මේකේ පරස්පර කිසිම දෙයක් නැහැ. මේ උත්සාහ කරන්නේ වෙන දේකට නෙවේ, ජනාධිපතිතුමා හැදුව ස්ථාවරභාවය නැති කරන්නයි.

    ඒකට කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කරලා. කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ. මේකේ පිටිපස්සේ ඉන්නේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවොයි. මේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණේ පිටුපස ඉන්නේ අපේ හිටපු නායිකාව සහ රනිල් වික‍්‍රමසිංහ මහතායි. 2005 දී මධ්‍ය කාරක සභාව ඒකමතිකව තමයි අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව පත් කළේ. හැබැයි ඒ තීන්දු කළාට එහෙම උදව් කළේ නැහැ. පක්ෂයෙන් ජනාධිපතිතුමාට එක පෝස්ටරයක් ගැහුවේ නැහැ. 2005 දී සමහරු වැඩ කළේ ජනාධිපතිතුමාට විරුද්ධව. හැමදාම එක එක සංඛ්‍යාලේඛන ගෙනල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනන්නේ නැහැ කියලා පෙන්නුවා. එතුමිය ආණ්ඩුව භාර දෙනකොට, 2001 ලංකාවේ ආර්ථිකය ඍණ ආර්ථික වර්ධනයක්. අනිත් පැත්තෙන් එල්.ටී.ටී.ඊය තර්ජනයත්. ඒ වගේ ම එතුමියගේ කාලේ මුලතිව්, අලිමංකඩ කඳවුරු එල්.ටී.ටී.ඊ.ය විසින් අල්ලා ගත්තා. යුද හමුදාව යාපනයට කොටු කළා.

    රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ කාලේ කොටි එක්ක එකතු වෙලා සාකච්ඡා කරලා ගිවිසුම් අත්සන් කර වව්නියාවෙන් එහා කොටීන්ට ලබා දුන්නා. ජාත්‍යන්තර ආධාර ලබාගැනීමට අවස්ථාව සලසා දුන්නා. උඹලා උසාවි දාපල්ලා, ටැෆික් පොලිස් දාපල්ලා, බදු අය කරපල්ලා කියලා ඔක්කොම කෙරුවා. එහෙම කරලා තමයි මේ රට තිබුණේ. ජනාධිපතිතුමාට විශාල අභියෝගයක් එක්ක තමයි, ආණ්ඩු බලය ලැබුණේ. මහජනයාගේ බලාපොරොත්තු අති විශාලයි. රටේ බලාපොරොත්තු විශාලයි. කිසි ම දෙයක් කරන්න පුළුවන් තත්ත්වෙක නෙවේ තිබුණේ. නමුත් එතුමා අයෝමය නායකයෙක් හැටියට රට මෙහෙයවලා, මේ මහා බලගතු ත‍්‍රස්තවාදය නැති කරලා දැම්මා.

    යුද්දේ අවසන් කරලා තියෙනවා නම්, ආර්ථිකය වර්ධනය කරලා තියෙනවා නම්, ආර්ථිකයේ ප‍්‍රතිලාභ මිනිස්සුන්ට ලැබෙන්න සලස්සලා තියෙනවා නම්, දැන් අපිට ඕනෑ රට ආර්ථිකයෙන් උස්සන්න ඕන කරන ශක්තිය නම්, සන්ධානේ අය එකතු වෙලා රටේ ආර්ථික ස්ථාවරත්වය, දේශපාලන ස්ථිරත්වය ඇති කරන්නේ කොහොමද? තමුන්නාන්සේලා එක්සත් ජාතික පක්ෂ ජාතික ආණ්ඩුවට කැමතිද? තමුන්නාන්සේලා කිසි කෙනෙක් කැමති නැහැ. එහෙනම් කොහොමද මෛත‍්‍රීපාල මහතාට අපේ කැමැත්ත නැතුව ජාතික ආණ්ඩුවකට කව්ද අවසර දුන්නේ. එයා කව්ද? සාමාජිකයන්ගේ අවසරය ගන්නේ නැතුව. අපේ අවසරය නැතිව, පක්ෂයෙන් ගිහිල්ලා, එයා කොහොමද දැන් කියන්නේ ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. ඒකට රනිල්ට අපි අවසර දුන්නද? කාටවත් අවසර දීලා නැහැ. මේ පාවා දීමට උත්සාහ කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු පනස් හතරක් මේ රටේ දේශපාලන පක්ෂයක් හැටියට ගිහිල්ලා. විවිධ අතවරවලට මුහුණ දීලා, විවිධ කෙනෙහිලිකම්වලට මුහුණ දීලා, මම හොඳට ම දන්නවා සිරිමාවෝ මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළා. අපේ ෆවුසි ඇමතිතුමා, කුලියාපිටියේ හිටිය සත්කුමාර මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළා අවුරුදු හතකට. එහෙම දුක් විඳපු අපගේ දේශපාලන පක්ෂය තමුන්නාන්සේලා හිතනවා ද මෛත‍්‍රීට බන්දේසියක තියලා පිළිගන්වයි කියලා.

    අපි මැරෙනකල් ඒක එහෙම වෙන්නේ නැහැ. අපි කවදාවත් ඊට ඉඩදෙන්නේ නැහැ. අපි ළඟ අඩුපාඩු තියෙනවා නම් කතා කරලා හදාගන්න ඕනෑ. අපේ නායකයා එක්ක ප‍්‍රශ්න තියෙනවා නම් ඒක හදාගන්න ඕනා. අපි ලෑස්ති නැහැ ඒ මහා දීන පාවාදීම කරන්න. මම කවදාවත් ලැහැස්ති වෙන්නේ නැහැ. පක්ෂයක් එවැනි තැනකට යොමු කරන්න මම කවදාවත් මගේ අත උස්සන්නේ නැහැ. මට මොනවා කිවත් මගේ පපුවට පිස්තෝලයක් තිබ්බත්, මම ඒකට ලැස්ති වෙන්නේ නැහැ. ඒක මම කියන්නේ අපේ පක්ෂයේ බහුතරයක් සාමාජිකයෝ අපි සමඟ ඉන්න නිසා. ඒ නිසා මේ මහා දීන පාවාදීම කළ කෙනා තමයි මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න හදන්නේ. අශුද්ධ සන්ධානයත් එක්ක. මේ සන්ධානයට කවදාවත් එකට වාඩිවෙන්න බැහැ. ඒගොල්ලො නැති කරන්න හදන්නේ ලංකාවේ ස්ථාවරය. ලංකාවේ මිනිස්සුන්ගේ අපි දිනාගත්ත සියලු ජයග‍්‍රහණ නැති කරන්න යන්නේ. ජාත්‍යන්තරයට ඕනෑ විදිහට ඉන්න, ජාත්‍යන්තරයට ඕනෑ විදිහට වැඩ කරන්න, හීන දීන ආණ්ඩුවක් හදන්න තමයි මේ උත්සහ කරන්නේ. ඒකට තමයි මේ වංචා, දුෂණ අරවා මේවා කියලා කතා කරන්නේ. කියාගෙන ගියානේ අපි හරි ම හොඳ අය, අපි කිසිම දෙයක් කරලා නැහැ. මේ ඉන්න උන් තමයි සේරම කරන්නේ. අපි දන්නෙත් නැහැ මේවා. අපි දැක්කෙත් නැහැ. ඒත් අපි දැනගෙන හිටියා මෙහෙම කරනවා කියලා. කොහේ හරි ඩොලර් කුට්ටියකට පනින්න ඇති. පැනලා ඒක සාක්කුවේ දාගෙන වෙන වෙන දේ කියවනවා.

    දේශපාලනය කියන්නේ පාවාදීම නොවේ. වරදානවලට යටවීම නො වේ. සල්ලිවලට තමන්ගේ තියෙන ගෞරවය කෙළසගන්න එක නෙවේ. එන්.ජී.ඕ. නඩවල සල්ලිවලට යට වෙන එක නොවේ. වෙන වෙන මිනිස්සු සල්ලිවලට ගන්න එක නෙවේ. දේශපාලනය කියන්නේ ඍජු ප‍්‍රතිපත්තියක් මත රැඳී සිටීම. ඒක හැම මිනිහෙකුටම හැමදාම කරන්න බැරි දෙයක්. හැබැයි නායකයෙකුට මේක හැමදාම කරන්න පුළුවන්" යැයි ද ඔහු අවධාරණය කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya