සෑම විට ම පොදු ජනතාව සමඟ ගැටෙන නිලධාරීන් පිරිසක් නිසා සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමීමෙන් මෙම නිලධාරීන්ට රාජකාරී කටයුතු තවදුරටත් පහසු කරමින් මහජනතාව වෙත කාර්යක්ෂම සේවයක් ලබා දීමට හැකි නිසා ඔවුන් වෙත මෙම පත්වීම් පිරිනැමීමට කටයුතු කළ බව ආණ්ඩුකාරවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පරිපාලන කටයුතුවල දී ඍජුව මහජනයා සමඟ සම්බන්ධ වන මෙවැනි නිලධාරීන් වෙත පත්වීම් ලබා දීම වඩාත් ප්‍රයෝජනවත් කාර්යයක් වනු ඇති බව ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත සාමදාන විනිශ්චයකාර පදවි ප්‍රදානය කළ ලංකාවේ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය විශේෂත්වයක් දක්වයි.
NDH/TA-dmu kandy